Thursday, June 16, 2011

එයා ඇත්තටම මට ගැලපෙන්නේ නැද්ද?

නෑ නෑ එයා මට ගැලපෙන්නේ නෑ.

හැඩරුව, හැසිරීම ඒ කිසි දෙයක් ගැලපෙන්නේ නෑ. ඒ ඇරත් එයා ඉංග්‍රීසි පැටර්න් එකට හැදුනු කෙල්ලෙක්. මම කැමති ගමේ තාලෙට හැදුනු කෙල්ලන්ට. එයා එච්චර ලස්සනත් නෑ. එයා කෙට්ටුම කෙට්ටුයි මම කැමති ටිකක් ගැඟපත තියන කෙල්ලන්ට. ඒ නිසා එයා මට ගැලපෙන්නෙම නෑ.

එයා අඳීන පළදින විදිහටත් මම කැමති නෑ. හැමදෙම කරන්නේ ඉංග්‍රීසි පැටර්න් එකටමයි. නෑ නෑ නෑ මට එයා පොඩ්ඩක්වත් ගැලපෙන්නේ නෑ. මම හොයන්නේ ඒ වගේ කෙල්ලෙක් නෙමෙයි.

ඒත් මොන කරුමයක්ද මන්දා එයා මට පොඩ්ඩක්වත් ගැලපෙන්නේ නැති වෙලත් එයා කොල්ලෙක් එක්ක යාළු වුනා කිව්ව වෙලේ ඉඳන් මගේ හිතේ මොකකදෝ ලොකූ වේදනාවක් තියනවා වගේ දැනෙන්නේ ඇයිද මන්දා.

ලියා එව්වේ - පූසා (http://sudupoosa.blogspot.com/)

13 comments:

  1. පූස් ආදරේ :P

    ReplyDelete
  2. නරියා මිදි තිත්තයි කියපු සීන් එක තමා

    ReplyDelete
  3. ගැලපෙන්නේ නැති උනාට උඹ එයාට ආදරේ ඇති.
    ඒකයි ...ඔය....

    ReplyDelete
  4. නිල් අහස කියල තියෙන්නෙ මම ලියන්න හදපු දේමයි...

    කම්පෑටිබිලිටි කියන ප්‍රශ්නෙ එන්නෙ බාහිර ලෝකයෑක්ක ප්‍රයෝගිකව ජීවත් වෙද්දි.... ඒත් මේ කතාවෙ කතානයකයා ඒ කෙල්ලගේ ආදරේට ආදරෙයි....

    බොහෝ පිරිමි පිටින් පතන්නෙ වෑඩ ඈරිල ගෙදර එනකොට තේ කෝප්පෙ අතේ අරන් ඈවිත් ඒක බොනකල් දනගහගෙන කකුලෙ මේස් ගලවන බාරියාවකට වගෙම හිතෙන් පතන්නෙ රෑඩිකල්, ඒ වගෙම ආදරේදි ගින්දර වගෙ ස්ත්‍රියක්ය කියල මම අහල තියනව. ඔය දෙක ගෑටෙන තෑනේදි ආදරේට වහ වෑටුනාම ඒත් බාහිර චරියාව දිරවන්නෙ නෑති වුනාම , ඔය වගෙ කොන්ෆියුශන් එකක් එනවද මන්දා....

    මට හිතුන හෑටි

    ReplyDelete
  5. කෙල්ලෙක්නෙ බන්.. උන් ආසයි සරුංගල් වගෙ පාට පාට බොලා එල්ලන් පාරෙ තොරන් වගෙ ඇවිදින්න.. ටිකක් දගලලා කරලා ඉන්නෙ .. පව් ඔන්න ඔක අතහැරලා දාපන් දානවා නම්.. නැත්තම් පිහියක් පෙන්නලා අහපන්.. එච්චරයි..

    ReplyDelete
  6. @ජීවිතේ මල්
    ෂා... මාර අයිඩියා එකනෙ. දැන් තමා තේරුනේ. හික් හික්...

    ReplyDelete
  7. ආ.... පූස් පූස් හොතාහේ නේ.... :D

    ඔය ගැලපීම කියන්නෙ හෙන මවාපෑමක් කියල මට දැණෙන්නෙ. ඒක වෙනස් වෙනවනේ කාලෙන් කාලෙට. ගැලපීම් හොයනවනම් 50%ක් විතර ගැලපුනාම ඇති. මොකද නොගැලපෙන ඉතිරි 50% තමයි පස්සෙ ජීවිතේට ආතල් එකතු කරන්නේ..

    ReplyDelete
  8. තන්හාය ජායතී සෝකෝ-තන්හාය ජායතී භයං

    ReplyDelete
  9. අදහස් දක්වපු හැමෝටම ස්තූතියි.
    මේක නිර්මාණයක් විතරමයි කියන්නත් බෑ. මොකද ඔය වගේ දෙයක් මට නොවුනමත් නෙමෙයි. ඒ වුනු දේ ගොඩක් ලොකු කරලා මේ කතාව හැදුවේ.

    ඔය දිල් අක්කා කියන ජාතියේ කෙල්ලෙක් අද කාලේ හොයන්න ගියොත් ජීවිත කාලෙම තනිකඩව ඉන්න වෙයි වගේ :D

    මගේ කතාව අස්සේ රවා අයියා තමයි මරුම කතාව කියලා තියෙන්නේ "කෙල්ලෙක්නෙ බන්.. උන් ආසයි සරුංගල් වගෙ පාට පාට බොලා එල්ලන් පාරෙ තොරන් වගෙ ඇවිදින්න.. ටිකක් දගලලා කරලා ඉන්නෙ" :D :D

    හරේ සිරාවටම! මමත් හිතන්නේ නොගැලපෙන 50% නිසා තමයි ආදරේ වැඩිවෙන්නේ.

    ReplyDelete
  10. 50% kathawata 100% ma ekagai

    ReplyDelete
  11. කාට බොරු කරත් හිතට බොරු කරන්න බෑ ලොක්කා...
    හිත මෝඩයි ..හැබැයි හරිම අවංකයි !

    ReplyDelete
  12. ආසය් ඒත් බයය් වගේද?

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...