Showing posts with label ආදරේ. Show all posts
Showing posts with label ආදරේ. Show all posts

Friday, February 14, 2014

ආදරේට සමීකරණයක්

ඉස්සර කාලෙක තර්කයයි හේතුවයි හැර වෙන දෙයක් පිළිනොගත්ත කාලෙක මම ආදරේට සමීකරණයක් හෙව්වා.

ඒ දවස්වල මම ආදරේ මානසිකව සහ කායිකව වෙන් කරල ඒ විචල්‍ය දෙක ආදරේ කියන ශ්‍රිතය තෘප්ත කරන පොදු සමීකරණයක් සැලසුම් කලා.

දෙන්නෙක් අතර ගැලපීම් ආදරේ ශක්තිමත් වෙන්න කොයි තරම් බලපානවද කියල බලන්න මම ඒවත් සමීකරණයේ විචල්‍ය කලා.

ම්හ්... ඒක එච්චර සාර්ථක වුණේ නෑ...

දැන් මම දන්නව ආදරේ තර්කයට අහු නොවෙන දේවල් ගොඩක් අතර තව එකක් කියල.

ඒක හැමෝටම වලංගු විදියට විග්‍රහ කරන්න බෑ...

දැන් මම දන්නව ආදරේ ශක්තිමත් වෙන්න ගැලපීම් වගේම නොගැලපීම් එක්ක අපි තනි තනිව අරන් නොසලකන ගොඩක් දේවල් අවශ්‍යයි කියල.

ඉතින් මේ මෝඩයට ආදරේ කරන්න.


ලියා එව්වේ - hare :-) (http://www.hartstuff.com/)

Wednesday, January 9, 2013

ආදරේට වද දෙන දුක

මම ඇගේ නොඉවසිලිවන්ත දෙනෙත් දෙස එක එල්ලේ බලා උනිමි, අළුතින් හැඩ කර තිබූ ඇහිබැම හකුලවමින් ඇය මාවතේ ඇත කොන දෙස බලාහිඳී. තත්පරයෙන් තත්පරයට ඔරලෝසුව දෙස බැලීම  ඇගේ නොඉවසිලිවත්න කමට හේතු සොයන්නට මා  පෙළඹවීය.

“මොකද පාර බලන්නේ...“

“නුවන් එනවා කිව්වා නෙතූ.. මට නම් දැන් ඇති වෙලා මේ පාර බැලිල්ල.. හාදාමත් ආදරේ නිසා මං වින්දේ දුක්ම විතරයි  කවදා කොහෙන් සැනසීමක්ද.. ඇයි මන්දා නුවන්ට කවදාවත් වෙලාවට එන්න බැරි..“ මහත් කලකිරිමකින් යුතුව ඇය කියවාගෙන ගියාය.

“එන්න පරක්කු වීමයි ආදරෙයි අතරේ සම්බන්දේ මොක්කද ප්‍රියා!?“

“ඒක දුකක්!“

“නැහැ.. ඒක නෙවෙයි,

බලාගෙන ඉන්න එකයි

තනිකමයි

නුවන්ව තැති වෙයි කියන බයයි

ඔයාගේ හිතේ සැකයයි

මිසක් ආදරේ නෙවෙයි ප්‍රියා“

ලියා එව්වේ - සුදු හංසි (http://kaveej.blogspot.com/)

Wednesday, December 19, 2012

මමද ආදරේ? මටද ආදරේ?

මම කාලයක් තිස්සෙ හිතින් ආදරය කරපු කෙල්ලත් එක්ක මම අන්තිමේදී යාලු වුනා...
ඒත් සම්බන්ධය තිබුනෙ හරියටම මාසදෙකයි දවසයි!
දවස් දෙකකට පස්සෙ අවුරුදු 5 ක ලව් එකක් කරගෙන යන කොල්ලෙක් මට කිව්ව...
"යාලු වෙනවනම් යාලු වෙයන් උඹ ආදරය කරන නෙමෙයි, උඹට ආදරය කරන කෙල්ලෙක් එක්ක නැත්නම් කවදාවත් හරියන්නෙ නම් නෑ"
ඊට අවුරුදු 3 යි මාස 5යි දවස් 23කට පස්සේ...
මට ආදරය කරන කෙනෙක් අන්තිමේදි මට හම්බ වුනා... අපි යාලු වුනා!
ඒක තිබුනෙ හරියටම මාස දෙකයි දවස් තුනයි!
එයා සම්බන්ධය නවත්වපු දවසෙ මට කිව්වෙ...
"මම ආයෙ කවදාවත්ම මට ආදරය කරන කෙනෙක් එක්ක මිසක් මම ආදරය කරන කෙනෙක් එක්ක යාළු නම් වෙන්නෙ නෑ"

ලියා එව්වේ - නිසල (http://nisalanirmana.blogspot.com/)

Wednesday, November 28, 2012

ආදරේ සුන්දරයි

හිතට දැනෙන හැම දේම කියන්නම ඕන නෑ. එත් නොකියා ඉන්නත් බෑ නේද? ආදරය කරද්දි බොහොම පුංචි දේවල් හරිම සුන්දරයි. මුලින්ම  කියවල ඉමුකො.


බන්ඩියට බඩගිනියිලු
ඔයාට කව්ද කීවෙ?
බන්ඩිය
පව් නේද?
ඔව් නේද? ඉතින් අපි මොකක්ද කරන්නෙ?
අපි එයාට සල්ලි කීයක් හරි දෙමු මොනවහරි කාල එන්න කියල
බෑලු, එයාට තනියම යන්න බෑලු.
එහෙනම් ඔයා පාඩම් කරන්නකො, මම ගිහින් මොනවහරි අරන් දීල එන්නම්කො
යකෝ ඒක මගෙ බන්ඩියනෙ.
ආආ තොගෙද? එහෙනම් වරෙන් යන්න

මේ මාස ගානක් දිග Study Leave එකක එක දවසක Short Note එකක් ගහපු කොල කෑල්ලක පෙම්වතුන් යුවලක් ලියල තිබුන දෙබසක්.

Try කරල බලන්න. සමහරවිට මේ ක්‍රමය ඔබටත් සොඳුරු අත්දැකීමක් වේවි.

ලියා එව්වේ - මන්දාරම (http://mandharama.blogspot.com/)

Friday, August 17, 2012

බොරැ කාරයා

අදත් බොනවද?

අනේ අද විතරක්.. Please...

ඔය අද විතරක් කියන කීවෙනි වතාවද?

අද විතරයි..හෙට නම් බොන්නෙම නෑ...

ඔයාගෙ ඔය හෙට කවද්ද එන්නේ? මේ ආත්මෙදි එනවද?

ඇත්තමයි සුදූ... Promiss..

තව බොරැවට දිවුරන්නත් එනවා.. ලැජ්ජාවක් ඇත්තෙම නැද්ද ඔයාට?

හරි. අදට විතරක්..අපරාදෙනේ ගෙනාපු එක..

පුච්චන සල්ලි අපරාදෙ නැද්ද?

මම ඔයාට ආදරේනේ...

ඔයාට මට තියෙන ආදරේ මතක් වෙන්නේ ඔය වෙලාවට විතරයි.ඕන කෙහෙල්මලක් කරගන්න.
මම යනවා නිදා ගන්න.

––––––––––––––––––––––––––––––––––––––––––

ඔයා තරහින්ද ...?

හ්ම්...

හරි හෙට බොන් නෑ.. දැං එන්නකෝ ළගට..

ඔයා හරි නරකයි. දැං අවුරැදු කියක් බොරැ කිව්වද?

ම්ම්ම්...මම ඉක්මණට නවත්තන්නම්..

තවත් බොරැ කියනවා.. මොන කෙහෙල්මලකට මම ඔයාට තාමත් ආදරේ කරනවද මන් ද???
 
බොරැ කාරයා.......
 
ලියා එව්වේ - Hiru (hirunethihorawa.blogspot.com)

Wednesday, July 25, 2012

මගේ පෙම්වතා

කියුවත් ඔබට මම ආදරේ පණට වඩා
ඔබ රිදවනවා ඒ බොරුවක් කියලා කියා
රිදුනත් මගේ හිත ඔබගේ වදන් අසා
ඔබ දන්නවා මා කීවේ ඇත්ත කියා

දන්නවා ආදරෙයි ඔබ මා හට ඔබෙ පණට වඩා
දැනුනු නිසයි මා මගෙ හිත පිදුවෙ එදා
කොපමණ බාධා ආවද අපෙ ආදරෙට එදා
මොන දේ වුනත් අදටත් ඔබ ලගයි මෙමා

කවියෙන් කියන්නම් ආදරේ ඇති තරම
ඔබ මගේ පණයි ඔබ දන්නවා ඒක
කිව්වත් විහිලුවට ආදරේ නෑ ඔබට
ඔබෙ සුදු ඉන්නවා ඔබ ලග හැමදාම

දුටු දින සිටම මා හට පෙම් බැදි ඔබට
ආදරෙ කරමි මගෙ දිවි පවතින තුරුම
දුක් කරදර ලගදි මට හෙවනැල්ලක් වූව
ඔබ වෙනුවෙන් කැප කරනෙමි මුලු දිවිය

ලියා එව්වේ - චතූ

Wednesday, June 20, 2012

නපුරිගේ ආදරේ

“මම සුරංගනාවියක් නෙවෙයි, ඒත් හැමදාමත් ඔයාට මාව පෙනුනේ එහෙම, මගේ ජීවිතේ මමවත් නොදැකපු වටිනාකමක් ඔයාට පෙනුනා. සමහර විට ඒක වෙන්න ඇති මට ඔයා ගැන ආදරයක් නොහිතෙන්නේ..”

“රන්දනා මම ඔයාට ආදරෙයි. ඒක වෙන්න ඇති මේ ලොකේ හොඳම කෙනා ඔයා විදියට පේන්නේ මම වැරදිද??”

“ඔව් කුසල් වැරදියි ඔයා හොඳටම වැරදියි. ඔයාගේම හිත රවටගෙන ආදරේ කරන එක වැරදියි, ඔයා මෙතනදි හැසිරෙන්නේ මහා මෝඩයෙක් වගේ මම කැමති නෑ ආදරේ හිඟාකන පිරිමින්ට”

“ඔයා නපුරු ආත්මාර්ථකාමී කෙල්ලකේ රන්දනා, මේ හැටි ආදරේ කරලාත් ඔයාට මගේ කිසිම වටිනාකමක් නෑ හිතක් පපුවක් නෑ ඔයාට”

“හ්ම්ම්ම්, ඔයා ඒත් මට ආදරේද කුසල්,”

“ඔය නපුරුකමත් දන්නවා, මම ඔයාගේ දුර්වලකම් දැනගෙනයි ආදරේ කරන්නේ”

ලියා එව්වේ - සුදු හංසි (http://kaveej.blogspot.com/)

Related Posts Plugin for WordPress, Blogger...