ඉස්සර පුංචි කාලෙ අවුරුදු නිවාඩුව තමයි අවුරුද්දක් ඇතුලත තියෙන හොඳම නිවාඩුව...
ඒක එනකල් අපි ඉන්නෙ ඇඟිලි ගැන ගැන...
තෙල් සුවඳ ගම වටේ පැතිරෙද්දි එක එක කෑම වර්ගයි, නිලා කූරුයි එක්ක ඔට්ටු වෙන එක ලොකුම ආසාව...
තාත්තලගෙ රතිඤ්ඤ පත්තු කෙරිල්ලයි, අහස්කූරුයි, බඹර චක්රයි අනිත් එක...
ඊට පස්සෙ නෑ ගෙවල් වල සහෝදර සහෝදරියො එක්ක සෙල්ලම...
ඒ පුංචි නිවාඩු කාලෙ ඇතුලෙ අපි ජීවිත කාල කීපයක් ගෙවනව වගේ...
ඒත් දැන් සේරම වෙනස් වෙලා...
රාජකාරියෙන් මිදිල ලැබෙන කෙටි නිවාඩුවෙත් කරන්න වැඩ ගොඩයි...
වයසත් එක්ක ලැබෙන වගකීම් ගොඩක් එක්ක අපි හැමෝටම අත්වෙන ඉරණම ඒක...
කරන්න දෙයක් නෑ...
කට්ටියටම සුභපතල SMS යවන්න ඕන...
කෝ මේ ෆෝන් එක?
ලියා එව්වේ - මලී (http://abnormalminds.blogspot.com/)