ඉඩෝරෙට පොද වැස්ස
රැගෙන එන තෙත සුලඟ
වගෙයි නුඹ මගෙ හිතට
තුන් පේළි කවිය ලියන් මං උන්නෙ කවද හරි උඹ ඕක සම්පූර්ණ කරයි කියල මුළු හිතිංම මම විශ්වාස හරපු හන්ද.
ඒත් අවුරුදු හතරක්ම යනකං මල් පාරවල් දිගේ ඇවිද්ද උඹට ඔය හතරවෙනි පේළිය පුරවන්න බැරි උණා. කරුමෙ කාගෙද කියන්න මං නොදත්තට මං උන්නෙ දුකෙං.
මල් මැළවිලා ගිහිල්ල කාලෙකට පස්සෙත් ඉස්සර පුරුද්දට වගේ දිගම දිග හෙවනැල්ලත් එක්ක ඇවිදිත්දිත් මං උන්නෙ දුකෙං.
මල් පාරට ආයෙමත් වසන්තය ඇවිල්ල වග මං දැක්කෙ ගොඩක්ම පරක්කු වෙලා හන්ද ඉක්මනටම වසන්තය අල්ලන්න දුවපු මට, ආපහු උඹ මුණගැහුනෙ අර හතරවෙනි පදයත් එක්කමයි ඒත් මං නොනැවතී දිව්ව වසන්තය අල්ලන්න දුකෙන්.
ලියා එව්වේ - නවම් (http://nawammawatha.wordpress.com/)