මීට සතියකට විතර කලින් මම පලවෙනි පාරට 100ට ලියන්න ගත්තා. අපි දෙන්නගේ ආදරේ ගැන ලියලා ලියන හැම ලිපියක්ම පටන් ගන්නවා කියලයි මම හිතන් ඉදියේ. ඉතින් මම ලිව්වා. අපේ ආදරය ගැන. ඔයා මට ආදරේ කරපු එක ගැන..
අද උදේ පාන්දරම බලනකොට 100න් email එකක්. හිත ගොඩක් සතුටින් පිරිලා ගියා. හනි හනිකට email එක මම කියෙව්වේ වෙනදටත් නැති ඕනෑ කමකින්..
ඔබගේ ලිපියේ වචන ප්‍රමාණය සියයකට වඩා වැඩි බව සියක් ගණනයෙන් ප්‍රකාශ විය. එම නිසා කණගාටුවෙන් උවද ලිපිය භාර ගත නොහැක. හැකි නම් නිර්මාණය වචන 100කට ගොනුකර නැවත එවන්න.
සීය ගණින අපි
ඇත්ත,
කවදාවත් අපේ ආදරේ වචන 100කට ගොනු කරන්න බෑ.
ලියා එව්වේ - රත්ගමයා (http://sun-ge-lookaya.blogspot.com/)