මේකෙ කිසි විද්‍යාවක් නම් නෑ..
හැබැයි මේක මේ ඉවසන් ඉන්න බැරිම තැන ලියන්නේ..
අහන අහන හැම එකාම කියන්නෙ ...
"කොල්ලො අඩන්නෙ නෑ"
"නිකන් අඩල මෙතන කෙල්ලෙක් වෙන්න හදන්න එපා"
"කොල්ලෙක් උනාම සංවේදී වෙන්න හොඳ නෑ බන්.."
"ඔහොම ඉකි ගගහ අඬන්න ලැජ්ජ නැද්ද මිනිහො කොල්ලෙක් වෙලා"
"අපිටත් එක්ක ලැජ්ජයි.."
බම්බුව තමයි...
ඇයි යකෝ, කොහෙද මොන පොතේද ලියල තියෙන්නෙ සංවේදීකම කියන එක ශිෂ්ණය මතවත්, යෝනිය මතවත් රඳා පවතිනව කියල??? කොල්ලෙක් ඇඬුව කියල මොකක්ද වෙන්නෙ? ඇයි කොල්ලන්ට අඬන්න හොද නැද්ද??? සංවේදීකම කියන එක ශිෂ්ණය මතවත්, යෝනිය මතවත් පරායත්ත නැති බව මතක තියා ගනින්.
මේව ලියනකොටත් ඇඬෙනව තනි ඇහැට..
හා හා කොල්ලො අඬන්නෙ නෑ..
ලියා එව්වේ - අමින්ද ඉෂාර (http://sinhalenscience.blogspot.com/)