මිනිස්සු අළුතෙන් හොයාගත් කිසි දෙයක් මේ ලෝකෙ තියෙනවද කියන ප්‍රශ්නෙ ආයෙත් හිතට ආව.
කලින් කවදාවත් සිද්ධ නොවිච්ච කවදාවත් මිහිපිට නොතිබුනු දෙයක් අළුත් දෙයක්ය කියන අර්ථයෙන් බැළුවොත් විදුලිය, රූපවාහිනිය, සිලි සිලි බෑග් එක, වගේ දේවල් අළුත් දේවල්. මොකද ඒව යම් මිනිසෙක් හෝ කාණ්ඩයක් හදල වපුරන තුරු නොතිබුණු දේවල්.
ඒත් මේ හැමදෙයකම ඇතුලාන්තය, යම් දෙයක් සිදුවෙන විදිහට ද්‍රව්‍යමය දේ යම් රටාවකට පෙල ගැස්සවීම විතරයි නේද?
පොල්කට්ටකට වැලි ටිකක් තද කරල ඩිංගිත්තෙක් හදපු කෝම් පිට්ටුවක් වගේමයි. තවත් සොයාගැනීමක්...!
නේද?
'මෙහෙම කලොත් මෙහෙම වෙනවා' ඒ තමයි දැණුම. කොහොම කලොත් දැයිත් අපැහැදිලියි බොහෝවිට.
වැදගත්ම දේ අපිත්, අපේ හිතුත්, කරන කියන දේත්, මේ ධර්මතාවට පිටින් නොයාමයි.
ලියා එව්වේ - ලොකු ( http://www.ransirimal.com/ )