එහා ගෙදර ඇන්ටනාව
නිතර මෙහා පැත්තට නැවෙන
අම්මාටම උසුළු විසුළු කරන
අපිට නෑසෙන්න
හෙමිහිට
'කෝ දැන් නැෂනල් ජියොග්‍රැෆික්
ඇයි ඉංගිරිස් බයිස්කෝප් යන
ස්ටාර් මූවීස් '
අම්මා රකියි මුණිවත
ගෙතුළට වැදී
ලක්හඩ අහමින්
රාත්‍රියට සද්දෙ වැඩිවන
සංසලා සද්දෙන් එහා ගෙදරින් හිනහෙන
අම්මා එවිටත් ලක්හඬ අහන
'ටීවී නම් නැතුවත් කම් නැත
බලන්න තියෙන නිදහස
අර ඇන්ටනාව තමයි මට කරදර
ඊයේ පෙරේදා සිට
මටම හිනාවෙන '
ඩයලොග් ටීවී උදාරම් ලෙස
වහලයේ පැත්තක මළකඩ කන
'හිටපන් ගෙවනකන් කවුරුම හරි බිල'
දත් කූරු කමින්
ඇන්ටනාවට බණින
අම්මා වැඩිපුර ගෙතුළ රැදෙන
කුරුල්ලන් බලන්නත්
දැන් එළියට නොයන
ඉදහිට සංසලාවත් මතක් කරන
මෙගා ළඟ අසරණ හරි පුංචි කත
ලියා එව්වේ - කාංචනා අමිලානි (www.thinkland.net)