Friday, June 3, 2011

බෞද්ධකම..

"මචං ප්‍රාණඝාතය කියන්නේ දරුණුම අකුසලයක්..."
"මදුරුවෙක් මැරුවත් ඒකත් පවක්"
"මමනම් සතෙක් මරණවා තියා ඒ ගැන හිතන්නෙවත් නෑ...."
"සත්තු මරණවා දැකලා සතුටු වෙන එකත් ලොකු පවක්ලු... එක ආත්මෙක මාළු අල්ලන
සීන් එකකට සතුටු වෙලා බුදුහාමුදුරුවොන්ටත් හොඳ වෙන්නේ නැති හිසේ
කැක්කුමක් තිබුනලුනේ..."
දන්සැලට සෙට් වුන ගමන් තරඟෙට එක එකා බෞද්ධකම එලියට දානවා...
"අඩෝ උඹලට අද දවස මතකද..."
හදිස්සියේම රවියා කෑ ගහලා ඇහුවා...
"අද... අද දහ අටනේ..."
"ඔව්.. ඉතින්..."
"ඕකනේ කියන්නේ ***ලට මේ දවසත් අමතකයි කියන්නේ.... දහඅට තමයි යකෝ අර **යා මැරුවේ..."
"අම්ම ගහයි..."
සෙට් එකම මහ හයියෙන් ප්‍රීති ඝෝෂා කරන්ට ගත්තා...
සෙලිබ්‍රේට් කරන්ට බඩු මඳි හින්දා දෙන්නෙක් බඩු ගේන්ට ලයනල්ලගෙ ගෙදරට ගියා...


ලියා එව්වේ - පුතා (http://dubaiwattakka.blogspot.com/)

5 comments:

  1. තැන්කූ ආගන්තුකයා පළකිරීමට සහ හෙඩිමට ... :)

    ReplyDelete
  2. මේ...පුතා....පොඩි හදිසියකට....ලයනල් ලගෙ ගෙදර කොය් හරියෙද තියෙන්නෙ කියනවද?

    ReplyDelete
  3. අපේ තියෙන බෞද්ධකම නියමෙට විස්තර වෙන විධියෙ පෝස්ට් එකක් පුතේ.... තව ලියමු මේ වගේ අපූරු එව්වා... :D

    ReplyDelete
  4. මේකනං නියමයි ඕයි.

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...