Showing posts with label නිදහස. Show all posts
Showing posts with label නිදහස. Show all posts

Thursday, May 26, 2011

පිනට වැඩ..

ඔයාට පිස්සුද?
ඇය මා දෙස බලා සිටියේ අමුතු සතෙක් දෙස බලා සිටින්නා සේය.
ඇයි?
ඇයි කියන්නේ? ඇයි එක එකාට පිනට වැඩකරලා දෙන්නේ? ඔයා ඔහොම ඉන්න ඕනි කෙනෙක්ද?
ඇය අනාගතය ගැන සිහින දකිමින් සිටියාය. ඇයගේ අනාගතයේ ෆුල්ඔප්ෂන් ගෙයක්, හොඳ ඉස්කෝලෙකට යන ලමයි දෙන්නෙක් මැරිමැරී ඉපදේ.
ඒක මගේ ආසාව. ඔයාට ඒක තේරුම් ගන්න බෑ. තමන් තෘප්තිමත් දේ කාටවත් කරන්න බෑ. අඩුගානේ මම ඒකට උත්සාහ කරනවා. 
ඇය මුහුද දෙස බලා සිටී. පරාජය පිලිගෙන සෙයකි.
දුරකථනය සාක්කුව තුල දෙදරයි.
අයියේ. හෙට වීඩියෝ Shoot එකක් තියෙනවා‍ පිලිමතලාවේ.
මම එන්නම්.. 
ආයි හම්බ කරලා දෙන්න යනවා නේද? ඔයා හැදෙන්නේ නෑ. 
ඇය දඟකාර සිනාවක් පා මගේ උරහිසට බරවිය..

ලියා එව්වේ - ආගන්තුකයා (http://ambarox.blogspot.com)

Wednesday, February 23, 2011

සීහලේ අද දවස - හෙට දකින උන්ට ඇහෙන්නට

කහ ඉරිත් නැති ජීවිතේ මග
නැවතුමත් නොපෙනී ගිහින්
දස රියන් උස, මිටි කඳු පවා
දැන් ගිනි වැදී අළුවී ගොසින්
උන් ගිමන් හල ඒ විසල් නුග
අද ලොරි මතින් මළගම් ඇදෙද්දී
නියඳ මල් පිපුණත් මොකෑ බොල
වල් වදින නිදහස තුලින්..

බෝධියෙන් බට දේවතාඑළි
තුට්ටුවට විකුණා යසින්
කොමල මුදු ලැම කෙලසලා දැන්
හෙළුව පෙන්නති සන්තොසින්
කලියුගේ සකිසඳ එසේමැයි
තාලමත් හඬගා කියද්දී
චීවරේ විවරණ මොටෑ බොල
එතෙරවෙන්නට ජීවිතෙන්..

මවු මරා ලියනා අපේකම
බොල් හඬින් වැයෙනා සරින්
ඒ යසයි කියමින් නටන මුත්
සොහොන තම බැව් නොම දනිත්
කල පවින් මිරිකී හඬන උන්
රියසකින් සසරේ ඇදෙද්දී
නිවට නරි රජකම් කැපයි බොල
පණ අදින ජාතිය මතින්...


ලියා එව්වේ - Dilan Dadevil (http://dilandadevil-poems.blogspot.com/)

Sunday, January 9, 2011

"ස්වාධීන අපි"

"මොනවද ඔය කරන්නෙ.... නිදාගන්න යන්නෙ නැද්ද...? වැඩක් නැත්නම් ගිහින් නිදාගන්න"


මට ඕනෙ විදියට වැඩ කරන දවසක්...

කවදාවත් ඒ දවස උදා වෙන එකක් නෑ කියලයි මට හිතෙන්නෙ...

මොකද අපිට කොච්චර නිදහස කියනදේ ලැබුනත් අපි වැඩ කරන්නෙ අනෙක් අයට ඕනෙ විදියට නිසයි.
ජීවිතේ ඉපදුනු දවසෙ ඉදන්ම අනෙක් අයට ඕනෙ විදියට වැඩ කරනව නම් ඇත්තටම අපි ගෙවන ජීවිතේ අපේද වෙනත් කෙනෙකුගෙද?

රහතන් වහන්සේල හරි බුදු හාමුදුරුවොන්ට හරි විතරක් වෙන්න ඇති එහෙම නැතුව ජීවත් වෙන්න ලැබුණේ...

කොල්ලන්ට කෙල්ලන්ට බල්ලන්ට ඕනෙ විදියට ජීවත් වෙලා මට නම් ඇති වෙලා තියෙන්නෙ.


"මේ... තවම නිදි නැද්දදදද...?"


අපොයි!... මම යනව නිදාගන්න...

හෙට උදේ සිටවත් 'මම' , "මම"ම වෙන්න පතමින්....


ලියා එව්වේ - සහෝදරයා (http://sahodaraya.blogspot.com)

Sunday, November 7, 2010

නිර්වචනය සොයා දෙන්න...

අද රෑ අපේ ගෙදර යමන් තිසා

අපෝ බෑ වයිෆ් එක්ක අදත් චැට් කරන්න බැරි උනානේ

එක දවසක් මිස් උනාට

අඩෝ උඹ මානව දයාව ගැන ලියන එකා නේද?

ඒකනේ අයියා මමත් මෙයාගේ ඒවට වලි දාන්නේ ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ..

මොකාක්..?

ඔයා සතුටු වෙන්න කැමති ඕනෑම විදිහකින් ඔයාට සතුටු වෙන්න ඉඩ හදලා දෙන එකයි...
ඔක්කෝටම වැඩිය ඔයා වැඩියෙන්ම සතුටු වෙන මම සතුටු වෙන හැමදේටම විරුද්ධ වෙලා කඩාකප්පල් කරන එකත් ඉඳලා හිටලා අකමැත්ත පෙන්නන්න එක එක හේතු කිව්වත්, උපේක්ශාවෙන් ඉවසගෙන ඉන්න එකත් මගේ මානව දයාව කියලායි මම හිතුවේ...

පටන් ගන්න ඕන ලෝකෙම පීරලා හරි මානව දයාව කියන එකට තියෙන හරිම නිර්වචනය හොයා ගන්න...

ලියා එව්වේ - දුකා (http://dukaa.blogspot.com/)

Wednesday, September 22, 2010

මමත් දැන් categorized

කාලයක් තිස්සෙ නොලියපු බ්ලොග් එක ආයෙත් ලියන්න උවමනාවක් සෑහෙන්න ඈතක ඉඳන් ළඟටම ඇවිත්.
බ්ලොගර් වලින් වර්ඩ්ප්‍රෙස් වලට import කලාම ‍දාල තිබුණ සටහන් සේරම uncategorized කියන ප්‍රවර්ගයට එකතු වෙලා තිබුණ.
මනෝ තෘප්තියටත් එක්ක මම category cloud කියන විජට්ටුවත් දැම්ම.
මුලින්ම ඒකෙ uncategorized කියල විතරක් ලොකුවටම තිබුණ.
එක එක සටහන නැවත කියවන ගමන් එක එක ප්‍රවර්ග වලට වෙන් කලා.
එතකොට වෙනත් ප්‍රවර්ග එකතු වෙලා uncategorized කියල ලොකුවට පෙන්නපු ප්‍රවර්ගය පුංචිම වුණා ටිකෙන් ටික.

................

මමත් මටවත් අයිති නැති මනුස්සයෙක් වෙලා හිටිය ජීවිතේ එක කාලයක්!
දැන් මම එක එක වෙලාවට එක එක අයට ඕන විධියට.
මගේය කියන ලෝකය දැන් ටික ටික පුංචි වීගෙන යනවා...

ලියා එව්වේ -  h (http://living.hartstuff.com/)

Related Posts Plugin for WordPress, Blogger...