Friday, March 30, 2012

මහා භාණ්ඩාගාරයේ අලුත්ම ලේකම් - නුවන් කුලසේකර?

පරතරය අවම කිරීම ගැන මේ දවස් වල ඕනෑ තරම් කථා වෙනවා. අය-වැය පරතරය, ඇති-නැති පරතරය. මේ කියන්න යන්නේ එදා කරපු අරුම පුදුම පරතරය අවම කිරීමක්. මේක උනේ ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර එදා පැවැත්වුනු ක්‍රිකට් තරගයේදි. කුලසේකර ගහන්න පටන් ගන්නකොට.

බෝල 85 ලකුණු 155 පරතරය 70. ඊට පස්සේ

බෝල 80 ලකුණු 142 පරතරය 62,

බෝල 75 ලකුණු 129 පරතරය 54,

බෝල 70 ලකුණු 112 පරතරය 42,

බෝල 65 ලකුණු 104 පරතරය 39,

බෝල 62 ලකුණු 94 පරතරය 32,

බෝල 50 ලකුණු 74 පරතරය 24,

බෝල 25 ලකුණු 37 පරතරය 12,

බෝල 14 ලකුණු 21 පරතරය 7.

තරගය දිනුව වගේ සතුටක් දැණුනා.


ලියා එව්වේ - ඇවිද්ද පය (http://awidda-paya.blogspot.com)

Wednesday, March 28, 2012

සමාවෙන්න අනූ........

දන්නවද අනූ......
පුන්චි කාලේ මම හැදුනේ
ලොකු රස්සාවක් කරපු
මගේම නැන්දගේ ගෙදර...

එයාල මට ඉගෑන්නුවා
මාව මිනිහෙක් කලා
ඒ හැමදේටම අදටත් ගරු කරනව..

ඒත්....
මම පොල් කැඩුව
රෙදි, පිඟන්, වලන් සේදුවා..
හැතැක්ම ගානක් ගිහින් වතුර ගෙනාවා
අන්තිමට එයලා උණු බත් කද්දි පිළුණු බත් කෑවා
පාන්ගෙඩියේ වාටිය මට කන්න දුන්නා
මට දුක නෑ..

ඒත්.......
මට කවදාවත් මගේ දරුවට ඒ ටික වෙන්නදෙන්න බෑ

මම වැරැද්දක් කලා
මම ඔයාට ළන්වුනා
ඒ මම ඔයාට ආදරේ නිසා

ඒත් මට මගේ වගකීම් අමතක කරන්න බෑ..
මගේ සුරන්ගනාවි.....
ඒ ලස්සන ඈස් වලින් අහනවා
"අප්පච්චි මමත් ඔයා වගෙම අවාසනාවන්තද කියලා"

ඒක එහෙම වෙන්න දෙන්න බෑ....

සමාවෙන්න අනූ........ :((((((((


ලියා එව්වේ - නුවනි නිසල්යා ඉරුගල්බණ්ඩාර

Monday, March 26, 2012

කතාකරලා වැඩක් නෑ එයා ගැන ...

"hiii....."

"haaloo.. අප්පේ ගොඩ දවසකින්නේ... කොහොමද ඉතින්?"

"හොඳයි අනේ.. මේ ටිකේ busy.."

"ඉතින් මොනාද විස්තර??"

"කියන්න තරම් විස්තරයක් නෑ.. කොහොමද
ඔයාගේ bf??"

"එයා නම් ඔය ඉන්නේ.. කතාකරලා වැඩක් නෑ එයා ගැන..."

"ඇයි? wts da prob??"

"i think he's gonna be a father"

"මොකක්? ඒ කියන්නේ ඔයා?? :-/ හැබැයි මම හිතුවා ඕනාවට වඩා රවුම් ගහද්දි ඕක කරගනී කියලා."

"ඇහ්?"

"මම හිතුවේ නෑ ඔයා ඔච්චර මෝඩ කෙල්ලෙක් කියලා...."

"ඔයා මේ මොනාද කියවන්නේ??? ආ..හ් ops.. ROFL"

"?????"

"මගෙ ළමයගෙ father නෙමේ බොල.. මම කිව්වේ පල්ලියේ father ගැන.. එයාගේ වැඩේ කොයි වෙලෙත් පල්ලියේ.. හරියට පල්ලියෙ කණුවක් වගේ.."

"ඒක මිසක්.. දැනුයි ඇඟට ලේ ටිකක් ඉනුවේ..."



ලියා එව්වේ - ඉෂ්වි තෙහාරා

Friday, March 23, 2012

වැලි කැටයයි, තරු එළියයි

මගේ ජීවිතේට ඔයා ලස්සන තරු එළියක් වගේ.. මම ඒ එළිය විඳිනවා.. ඒත් ළඟට ගන්න අමාරුයි.. ගොඩක් ඈතයි.. ඒත් මම දන්නවා ඒ තරුව මගේමයි කියලා.. මුළු ලෝකෙටම ඒක විහිලුවක් වෙන්න ඇති. මම කවුද ඔයා කවුද.. ඔයා තරුවක් නම් මම වැලි කැටයක්..

දිස්නේ දෙන තරුවක් එක්ක වැලිකැටයකටත් බැඳිමක් ඇති කර ගන්න පුළුවන් කියලා ඔයාවත් තාම දන්නේ නෑ.. ඒ කොහොමද දන්වාද.. ඈත ඉඳන් බබළන ඒ තරුවේ අහිංසක එළිය මේ වැලි කැටේට පරාවර්ථනය වෙලා, තරුවකට ලන් වෙන්නවත් අදහසක් නොතිබුනු මේ පුංචි වැලි කැටේට දිස්නයක් ඇවිත්.

(අනේ දෙයිවියනේ පව් අර අහිංසක වැලි කැටය තාම දන්නේ නැහැ ඒ තරුව මිය ගිහින් දැන් ශතවර්ශ ගණනාවක් වෙනවා කියලා.)

ලියා එව්වේ - සුදු හංසි (http://kaveej.blogspot.com/)

Wednesday, March 21, 2012

පාර්වතීගේ මංගල රාත්‍රිය

සාද, සුභ පැතුම්, නැති උනත් ඇයව කැන්දගෙන ආවා..,
ඒ ප්‍රේම සංවේදනා හොඳින්ම අඳුණන මා දන්නා හොඳම ගැහැණිය ඈ නිසා..,
මා නිවසේ ඉදිරිපස දොර වසා එනවිටත් පාර්වතී..,
ඔව් ඒ ඇගේ නම.

පාර්වතී හිටියේ කණ්නාඩියෙන් තමාදෙස බලාගෙන.

අපේ අප්පා කිව්වා මමත් දවසක මෙහෙම යන්න,
මහත්තෙයෙකුගේ යටතේ මෙවුන්දම් විඳින්න වාසනාව ලැබෙයි.
කියලා..,
ඔයා මා ගාවට සල්ලි අරන් ආවේ නෑ රාජේෂ්..,

ඔව්..!
අවසානයේ මම කතා කලා
මම අරන් ආවේ ආදරේ..,

මට අද දවසට විතරක් කරන්න එක ඉල්ලීමක් තියෙනවා..,

මොකද්ද??

මගේ ජීවිතේ වැඩිහරිය කලේ වෙන මිනිස්සුන්ගේ ආසාවල් නිවපු එක
හැම රැයකම මගේ වම් පැත්තේ මිනිහෙක් නිදාන හිටියා
අනේ රාජේෂ්

මට අදට විතරක් තනියම නිදන්න දෙන්න


ලියා එව්වේ - පබ්බත (http://wadihitikawi.blogspot.com/)

Monday, March 19, 2012

තවත් එක් ඝාතනයක්......

"අන්න තනියා
එලෝපිය ඔකා
කොටපියව් ඔකට
මරපියව් ඔකව"

"ඔව් යකෝ
මන් තනියා තමයි
හැබැයි තොපි දන්නෑ
මන් තනි උනේ
කොහොමද කියලා
බඩේ ඉද්දීම අප්පව මරලා
දළ දෙකට තොපි කෙලියා
අම්මව වනජීවී උන්
කුදලන් ගියා
මන් දන්නවා බොලවු
මේ මගේ අවසානෙ බව"

"මට පේනවා
ඈත ගිනි බටේ උස්ස ගත් උඹය
මෙතන හොඬේ උස්ස ගත් මමය
ඈත අමු තිත්ත කියන් එන උඹය
මෙතන දූලින් වැසී ගිය මමය
මට ලඟින් එල්ලය මානා ගත් උඹය
බොට ලඟින් කාල වර්ණ මමය"

"මට දැනෙනවා
කුඹ ලඟින් වෙඩි උන්ඩයය
ඊට පිට දුන් මාගේ කුඹය
මොල පසා කරන් යන උණ්ඩයය
වේදනා බරිත මාගේ ගතය
ජයග්‍රාහී උඹය
මියැදෙන මමය"


ලියා එව්වේ - සොඳුරු මිනිසා (http://sonduruminisa.blogspot.com/)

Friday, March 16, 2012

මුතුන්මිත්තන්ට රක්ෂණ ඔප්පුවක්

“එක එකාට ඕන විධියට නටන්න දෙන්න බෑ”

“ඇයි මචං මොකක්ද අවුල?”

"නෑ බං... බලපං මුං කරන දේවල්...? එක එකා තම තමන්ට ඕන විධියට නටනවනේ...”

“ඉතිං ඒකෙ මොකක්ද අවුල...? උඹ නටන විධියට හැමෝටම නටන්න බෑනෙ.”

“උං ඕන නැටුමක් නටාගත්තට කාරියක් නෑ... අපි ආරක්ෂා කරන දේවල් විනාස කරන්නෙ නැතිව.”

“දැං උඹල මොනවද ආරස්සා කරන්නෙ?”

“ඇයි අපේ මුතුන්මිත්තො රැකල දීපුව. ඒව රකින එක අපි හැමෝගෙම වගකීම”

“මුතුන්මිත්තො රැකල දීපුව කෝ...?”

“ඇයි ඔය පොත්පත්වල තියෙන්නෙ... ඒව අපි රකින්න ඕන දායාද”

“ඉතිං උඹ කියවල තියෙනවද ඒව?”

“පිස්සුද බං ඕව කියවන්න වෙලා තියෙන්නෙ කාටද? අනික කියෙව්වට තේරෙන්නත් එපැයි!”

“හ්ම්.....”

“ඒ වුණාට ඒව අපි පරෙස්සමෙන් රකින්න ඕන.”



ලියා එව්වේ - hare :-)

Wednesday, March 14, 2012

එහෙම කිව්වා!!

“මම ආස නැහැ මිස් බදාදා ක්ලාස් එකට යන්න ඒකට වෙනුරිත් එනවා එයා එක්ක මගේ ප්‍රශ්ණයක් තියෙනවා” දවසක් දිලාන් එහෙම කීව්වා.

“බලන්න මිස් මට හොඳ බුට් එකක් ලැබුනා.. නිමාශාගෙන් මම එයාට ගොඩක් ආදරේ කලා මට දුකයි... අද ක්ලාස් යන්න බෑ” ඊයේ එහම කිව්වා

“අන්න දිලාන් ලක්ෂිකාට ලයින් දානවලු” මිතුරියක් එහෙම කිව්වා

“අද වෙනුරිගේ උපන්දිනේ එයාට දිලාන් තෑග්ගක්වත් දීලා නෑහැ මිස්... මැසේජ් එක්ක එවලා විශ් කරලා. ඊයෙත් දිලාන් ක්ලාස් කට් කලා අදත් කට් කලා ” වෙනුරිගේ මිතුරියන් එහෙම කිව්වා.

“ඇයි දිලාන් තෑගි දෙන්න ඔනි...? ” මම ඇහුවා

“ඇයි මිස් දන්නේ නැද්ද දැන් අවුරුදු ගානක් වෙනවා මේ දෙන්නාගේ Affair එකට” හැමෝම එහෙම කිව්වා


ලියා එව්වේ - සුදු හංසි (http://kaveej.blogspot.com/)

Monday, March 12, 2012

යාලුවෝ

“හැමදාම පරක්කු වෙන්න එපා චූටිබේබි… ලොකුබේබි වගේ කොලීජිය ඇරුණ ගමන් ආවනම් මෙලහට අපි ගෙදර…”

සිරිදාස කියද්දී නංගී ඔලොක්කුවට හිනාවුණා…

“ලොකුබේබිට වගේද සිරිදාස මට… යාළුවෝ කීදෙනෙක්ද? සේරටම බායි කියලා එන්න එපැයි… අක්කට ඉන්නේ යාළුවෝ දෙන්නයි… සඳලියි නිම්ශයි… නිම්ශයි සඳලියි…”

නංගී මහහඬින් හිනාවෙවී කියද්දී සිරිදාස ඒ දිහා බැලුවේ මූණ නොරොක් කරන්…

“ඔන්න සිරිදාස..!!”

මම කෑගහද්දි පැත්තෙන් ආපු වාහනයක් අපේ වාහනේ හැපුනේ ඇසිල්ලකින්…

වාසනාවට කාටවත් තුවාලයක් නැහැ…

“බලනවකෝ මගේ ස්ටේටස් එකට යාලුවන්ගෙ කමෙන්ට්ස් ගොඩ..!”
අපි පොලිසියෙන් එනකල් වාහනයේ ඉන්න ටිකට නංගී අනතුර ගැන මූණුපොතෙත් දාලා…
මම දුකෙන් ඉවත බලාගනිද්දි අපේ වාහනේ ගාව ත්‍රීවීලරයක් නැවැත්තුවා...

කලබලෙන් එලියට බැස්සේ සඳලි..!

ඒත් එක්කම තව ත්‍රීවීලරයක් ආවා...


ලියා එව්වේ - බීට්ල් (http://akurublog.blogspot.com)

Friday, March 9, 2012

පුංචි සතුට නැති වුනු හැටි!

සුභා, නිශාන්තයා කිව්වා හෙට රෑ කෑමට එන්නැයි කියලා. ඔයා එහෙ ගිහින්ම නෑ නේද?

--------------------------------------------------------

අනේ හරී සිරියාවන්ත දුවක්. ලස්සනේ බෑ. දුව අපේ පියුමි දුවගේ යාළුවෙක්ද?

නෑ ඇන්ටි. නිශාන්තයි මගේ හස්බනුයි යාළුවෝ. මම හස්බන්ඩ් එක්ක ආවේ.

අනේ..... ඒ පුතා හරිම වාසනාවන්තයි දුව වගේ සිරියාවන්ත කෙල්ලෙක් ලබන්න. කෝ ඒ පුතා?

අර ඉන්නේ ඇන්ටි අතන මේසේ ගාව.

අර ළමයා? ඒ ළමයනම් දුවගේ හස්බන්ඩ් වෙන්න බෑ. එයා හරි වයස පාටයිනේ බොරු නේද?

ඇත්තමයි ඇන්ටි...

--------------------------------------------------------

ඔයා දන්නවද වැඩක් නිශාන්තලාගේ අම්මා කිව්වනේ ඔයා මට වඩා සෑහෙන්න වයස පාටයි කියලා.

කොහෙද ඔයා ඔය කොන්ඩෙවත් ඩයි කරගන්න එකක්යැ.

ආ මට කියන්න අමතක උනානේ සුභා.... ඒ ඇන්ටිට පිස්සු!



ලියා එව්වේ - පූසා (http://sudupoosa.blogspot.com/)

Wednesday, March 7, 2012

සිරිමත ගැමුණුව

සිරිමත ගැමුණුව
අපි මහජනතාව
සර්කස් වැඩ හොඳ හැටි දත්
තනි කකුලෙන් පාපුවරු තරණය කර
ජනේලවල දෙ අතින් එල්ලෙන
පේලි සීයකට වුණත් ගාල් වන
එළු ‍රැළකි අපි
මේ මහජනතාව

දුක් නොවන් සිරිමත
ඔබ බැබළිය යුතුය තුටින්
කන්තෝරු නම් මොනවාද
පයින් වුව යා හැකි නොව
ඩීසල් ලීටරයක් බීගත් විට
අපි මහජනතාව
සියලු සර්කස් දත්

දුන්නක් මෙන් සිරුර නවමි
කොන්දොස්තර උතුමාණනි
යන්න මැදින් ටිකට් කඩන්
මාරු සල්ලි මක් වෙනවද
තියා ගන්න තියා ගන්න
අපි වාගෙද ඔය මහතුන්
සාධාරණ අයම නොවෙද

කොච්චර නම් වැඩ ඇතිවද

සිරිමත ගැමුණුව
පිසදාගන් ඔය කඳුළැලි
පපුව පලා ඩීසල් දෙමි
ඇඬුවෝතින් ඔයා ඔහොම

අපි මේ මහජනාතාවනෙ
එළු ගාලක් තරම් වටින


ලියා එව්වේ - කාංචනා අමිලානි (www.thinkland.net)

Monday, March 5, 2012

කෝ.. දෙන්න ඒක ආපහු මට දෙන්න....

මෙහෙම කියද්දි ඔයා බලනවද මොකක්ද ඉල්ලන්නේ කියලා.. මොකක්ද දන්නවද මම ඉල්ලන්නේ... එදා අපේ දිහා ඇවිත් යනකොට අරන් ගිය, මගේ හිත මට ආපහු දෙන්න කියලා.

ඒත් ඉතින් මම දන්නවා ඔයා මගේ හිත අරන් ගියේ බැරි වීමකින් කියලා.. බැරි වීමකින් අරන් ගියත්, ඒ මගේ හිත දෙවියනේ.. මම ආසයි මගේ හිත ඔයා ලඟම තියෙනවට.. ඒත් ඔයා තාම දන්නේ නෑ ඔයා යද්දී මගෙ හිත අරන් ගිය බවක්.. නොදැන ඔයා ලඟ මගේ හිත තියෙද්දී නොදැනුවත්ව ඔයා මගේ දුප්පත් හිත රිදවනවා.

මම ඒක ආපහු ඉල්ලන්නේ මටම කියා ගන්න නෙවෙයි. දන්වද...... ඔයා දැනුවත්ව ඔයාටම ආයිත් දෙන්න.. ඒත් තවමත් මම දන්නේ නැහැ ඔයා ඒක බාර ගනියිද නැද්ද කියලා..



ලියා එව්වේ - සුදු හංසි (http://kaveej.blogspot.com/)

Friday, March 2, 2012

ඇඬෙනවනෙ තනි ඇහැට

අඬනකොට ඇයි කදුළු එන්නෙ

දන්නෙ නෑ අනේ
දුක වැඩි හින්දා වෙන්නැති

එතකොට දුකටද අඩන්නෙ

වෙන්න ඇති

සතුටටත් කඳුළු එනවනේ

අයියෝ ඒ සතුට වැඩිකමටනෙ

අදහස් දෙකකට එකම ප්‍රතික්‍රියාවක්
මාරයි නේ

ඔයාට මොකටද ඒ පණ්ඩිතකම්

නෑ ඔයා අඬනකොට මූණ රතු උනා

මාව අඬවලා ඔයාට සතුටුයිනේ

නෑ බබා ඔයා හිනාවෙනකොටත් මූණ රතූ වෙනෝ
හැබැයි මන් ආස ඒ රතු මූණට

අනේ නිකන් ඉන්න

එක නෙවේ
මොකටද අනේ තනි ඇහට ඇඬෙනවා කියන්නෙ?

ආහ්.... ඒකද දැන් බලන්න බබා තෙල් මිල
ඔයාව තියන් යන්න අද බයික් එකට පන්සීයකම තෙල් ගැහුවා
අතේ සතේ නෑ බබා
චොකලට් එක කීයද
තියෙන එකම ඩෙනිම පට්ට ගහන්නෙ

ඉතින් මට
ඇඬෙනවනෙ තනි ඇහට



ලියා එව්වේ - සොඳුරු මිනිසා (http://sonduruminisa.blogspot.com/)

Related Posts Plugin for WordPress, Blogger...