කෝපිහලේ ජනේලෙන් එළියේ තියෙන ගහේ කහ ගැහුණු කොළ තව ඉතිරිවෙලා තියෙන්නේ අහුරයි. ඉඳහිට එන තද හුළං රැල්ලකට ගහ එයිනුත් එක කොළය බැගින් දන් දෙනවා. එක සීරුවට වහින වැස්සේම මිනිස්සු ඉක්මන් ගමනින් ඒ මේ අත යනවා. කෝපි කෝප්පෙන් නඟින දුම් රැල්ල බොහෝම නිර්භීතව ටික දුරක් පාවෙලා ජනේලේ හරියේදී අතුරුදහන් වෙනවා. දෙන්නෙකුට එක කෝපි කෝප්පයයි. හවුලට නෙමෙයි.. මම කෝපි නොබොන නිසා.
“You don’t drink coffee?” අපේ ඇනවුම ගත්තු ගෑනු ළමයා හිනාවෙලා මගෙන් ඇහුවා. “It’ll warm you up!” ඇගේ පෙරැත්තය නිසා නැඟුණු සිනහව අතරින් මා එය ප්‍රතික්ෂේප කළා.
“It’s Ok..” මගේ කර වටා වැටුණු ඔහුගේ බාහුවේ උණුහුම මට දැනුණා. “I’ll keep her warm!”
ලියා එව්වේ - මලිති විජේසේකර (http://sahaspiyawara.blogspot.com.au)