වචන සීයක් ලියන්නයි හිතුණේ.
කොළයකුත් පෑනකුත් අතට ගත්තා.
දැන් මං මොනවද ලියන්නේ? හිතමින් මතකෙට මොනවහරි එනකන් කොළේ උඩ හරියෙන් පොඩි රවුමක් ඇන්දා.
රවුම වටේට පෙති දාලා ඒක මලක් කළා.
ඊළඟට ඒකෙ ත්‍රිමාන ලක්ෂණ මතුවෙන්න පාට කළා.
පෙති වල සුමට ගතිය ගන්නයි මං ගොඩක් වෙහෙසුණේ.
තව පොහොට්ටුවකුයි කොළ කීපයකුයි දාලා ඊළඟට ඒක මල් ඉත්තක් කළා.
නැවත නැවතත් මල් කීප තැනකම ඇන්දා.
මුළින් පෙති පහේ මල්. ඊළඟට අටපෙති, දාස්පෙති වගේ මලුත් ඇඳුණා.
පොකුරු මලුත් ඇඳුණා. හැම මලම පාට කළා.
පස්සෙ මං මල් ගණන් කරමින් අඳින්න ගත්තා.
මල් සීයකට ආවම තමයි නැවතුණේ.
ලියන්න මුකුත් හිතුණෙ නෑ කියල හිතෙනකොට කොළේම මල් වලින් පිරිලා තිබුණා.
ලියා එව්වේ - මගේ ජීවිතය
Showing posts with label මල්. Show all posts
Showing posts with label මල්. Show all posts
Friday, November 30, 2012
Saturday, June 11, 2011
සුදු රෝස මල් මිට
කන්‍යාරාමයේ සයිප්‍රස් ගස් අතරින් මතුවුණු ඒ තෙත ඇස් රහසින් රසවිඳ අවසන මම ඇයට සමාන්තරව ගමන් කලෙමි.
"ජොඈන් ඇයි කලබලෙන් වගේ"
"හෙට පල්ලියේ විෂේශ පූජාවක් තියෙනවා ඒකට ලැහැස්ති වෙන්න ඔනි"
"පූජාවට මමත් එන්නද?"
"හා" ඒ තෙත ඇස් සිනාසුනි
"පූජාවෙන් පස්සේ මට කතා කරන්න ඔනි.. ඔයා ආසම මල කියන්න"
"සුදු රෝස"
ඇයට සමුදී පසුදින දේවමෙහෙයට නුවුම් රෝස මල් මිටක් ඇතැතිව ගියෙමි. කෙසේ හෝ සිතේ වු සෙනෙහස ඇයට අද කිව යුතුමය.
ගීතිකා නද මැදින් පල්ලියේ උස් දොරපියන් අතරින් ගොස් පසුපස අසුන් ගතිමි.. මම පල්ලියකට ආ පළමු දිනය අදයි.
රෝස මල් මිට ගිලිහි වැටුණි.. කන්‍යා සොයුරියක් ලෙසින් සැරසී අල්තාරය අසල ඇය දෙවියන් යදිමින් උන්නාය..
ලියා එව්වේ - සුදු හංසී (http://kaveej.blogspot.com/)

Friday, January 7, 2011
මම සමනලියක්
"ඔයා ගොඩක් ලස්සනයි.....!"
"ම්හ්...."
"ම්හ්...."
"ඔයා කවුද...?"
"මම සමනලියක්......?"
"ඒක නම් ඇත්ත... ඔයා සමනලියක් තමයි.... හරිම ලස්සනයි"
"ම්හ්...."
"මම බඹරෙක්....."
"ම්හ්..."
"ඔයා බඹරුන්ට ආස නැද්ද....?"
"නෑහ්.... ඇයි මම බඹරුන්ට ආස වෙන්නෙ...?"
"ඇයි බැරි...?"
"මම මලක් නෙමෙයි, මම සමනලියක්..."
"එහෙනම් මම සමනලයෙක් වෙන්නම්.... ඔයා කැමතිද..?
"නෑහ්... ඔයා බඹරෙක් විදිහට ඉන්න... ගොඩක් මල් කැමති බඹරුන්ට..."
"සමනලියෝ බඹරුන්ට ආදරේ කරන්නෙ නැද්ද.....?
"නෑ... සමනල්ලු ආදරේ මල් වලට..... බඹරුන්ට ආදරේ කරන්න බැහැ..."
"ඔව්, මම මල් වල පැණි උරනවා තමයි.. ඒ උනාට ඔයා වගේ ලස්සන සමනලියන්ටත් මම ආසයි..."
"ඔයා වගෙම මම කරන්නෙත් මල් වල පැණි උරන එක, මම කැමති ඒකට..."
"ඒක සම්මතයද අසම්මතයද..?"
Subscribe to:
Posts (Atom)