Showing posts with label පරීක්ෂණය. Show all posts
Showing posts with label පරීක්ෂණය. Show all posts

Thursday, May 5, 2011

පරීක්ෂණය

වර්ශය 3050..

ඩොක්ටර් ඩොක්ටර්..
(සුදු කබාය පෙරව ගත්තු දෙවැනි ඩොක්ටර් මං ලගට ආවා..)

ඇයි ඩොක්ටර් ?

අපිට අලුත් බොඩි එකක් ලැබුනා..

ආ ඇත්තද, අර අලුතින් පරික්ශණ කල Ice කුට්ටයෙද තිබ්බෙ ?

ඔව් ඩොක්ටර්..

නියමයි විශිෂ්ට සොයාගැනිමක්..!!

(දවස් 2 කට පසු)

යුරේකා යුරේකා..

ඇයි ඩොක්ටර් කැ ගහන්නෙ ? (ඒ මගේ සගයාගේ හඩ)

අර අලුතිං හොයා ගත්තු බොඩි එකේ තිබිලා මං උකුණෙක් ගේ DNA අනු වගයක් හොයා ගත්තා. උකුණො කියන්නෙ වර්ශ 2015 විතර වදවෙලාගිය මිනිස්සුන්ට කරදර කරපු සත්තු ජාතියක්. උං ඔලුවේ ඉදගෙන ලේ උරා බීව පරපෝෂිතයෝ කොඨටාශයක්.

ඔන්න බලන්න අපි කොටිපතියෝ වෙනවා ලගදීම..

ඒ කොහොමද ඩොක්ටර් ?

ඇයි මනුස්සයෝ අපි ශැම්පු හදමුකෝ..!



ලියා එව්වේ - Bunny (http://freeanushka.blogspot.com/)

Related Posts Plugin for WordPress, Blogger...