මම නැග්ගෙ පිටකොටුව බස් එකක.138.කොටුව - පිටකොටුව.ඉඩ කඩ ඕන පදං.
සුප්‍රසිද්ධ ගායකයා ඇවිත් මගෙ ළඟින්ම ඉඳ ගන්නකල් දැක්කෙ නෑනෙ මම.මට හීන් දාඩියයි දැම්මෙ.මම යාන්තමට හිනා වුණා.මිනිහත් කට පුරෝලම හිනා වුණා.සුමුදු සුදු මුතු දසන්. :මට මතක් වුණේම මං මුලින්ම අහපු ගීතෙ.
උයනක මල්
දහස් ගණන්
පිබිදුණු අතරේ
නෙත නොගැටුණු
කටු පඳුරක
සුපිපුණු කුසුමේ........
ඒ.........................
කුසුමේ.............
මට ආස හිතුණෙ නෑ කවදාවත්ම ඒ පදවැල් වලට.රිද්මෙට.හිත ගියෙම දිග නාහෙට.හිත කැමතිම විදිහෙ එකක් ඒක,අද තමයි කැමතිම විදිහෙ දිග ඇඟිලි තියෙන බව දැක්කෙ..ගානට රෝස පාට.
බස් එක නැවැත්තුවා.
පොඩි එකෙක් පාර පනින්න යනවා.
කහ ඉරෙන්.
මම අද ඉඳන් කැමත්ත වෙනස් කරගන්නවා.
දැම්ම හිතට රතු කොඩියක් !
ලියා එව්වේ - වීතරාගී (http://wiitharaagii.blogspot.com/)