පසුගිය වසර දහයටම ඇය වෙනස්වී ඇත්නම් ඒ මද වශයෙනි. ඒ වෙනසිනුත් අඩකට වගකිව යුත්තේ ඇගේ සිරුර පුරා ගල්වා තිබූ කලු සායමයි.
ඈ එකල මගේ දුගී පෙම්වතිය විය.
දැන් ඈ ගල් පිළිමයකි.
කුඩා කොලු රැලක් ඈ වටකරගෙන ඈට විසුලු කරමින් හිදිති. ඈ හිනස්සා ත්‍යාගය දිනාගන්නට උන් අසමත්ය.
මදක් පැකිලෙමින් මම ඇයට පෙනෙන සේ ඈ ඉදිරියෙන් සිටගනිමි....ඇගේ සිරුර මෙන්ම දෙනෙත්ද නිශ්චලය.. එහෙත් ඇය මා නොහදුනනවා විය නොහැක.
කාලය ගතවයයි..... ඈ තවම නිශ්චලය.
අතීතයේ දිනක් සිතින් ස්පර්ෂ කරමින් මම යන්නට හැරෙමි.
එදා ඈ සිටියේ හැඬීමට ළංව නමුත් නොහඬමින් වග හදිසියේම මට සිහිපත්වේ.
ලියා එව්වේ - Raven (http://www.sihinasewanali.blogspot.com/)