කැස්බෑවෙ පීරිස්ට කවුරුත් කිව්වෙ පීර කියලා.
මේක වුණේ අවුරුදු විස්සකට විතර උඩදි.
ඒ දවස්වල පීරට තිබුණ යමහා ට්‍රේලක්. මිනිහගෙ එකම වස්තුව ඒක. පොර ඒකෙ නැගල දාපු වැඩ ගැන නිතරම නයි ඇරිය.
අළුත් අවුරුද්දක් කිට්ටුව දවසක් මෑන් යාළුවෙක් හම්බවෙන්න කොට්ටාව පැත්තට එද්දි ට්‍රේල නැවතුණා. යාළුවව ගෙන්නගෙන එයාගෙ මෝටර් සයිකලේ ලණුවක් ගැටගහල ට්‍රේල ඇදගෙන ආවා ගරාජ් එකට.
ලණුව අඩි දහයක් විතර දිගයි. කොට්ටාව හන්දියෙන් පාර මාරුවෙද්දි පාර හරහාම ලණුව.
හයිලෙවල් පාරෙ වේගෙන් ආපු බයිසිකල්කාරයො හතර දෙනෙක් ලණුවෙ පැටලිලා බිම.
එදා බයිසිකල් රේස් එකක්.
පොළිස් කාරයෙක් ආවා.
‘ඔය ලබ්බ ගනින් යකෝ අහකට’ පොරට මළ පැනලා.
එදා ඉඳන් පීරගෙ ට්‍රේලට කියන්නෙ පීරගෙ ලබ්බ කියලා.
ලියා එව්වේ - hare :-)
Showing posts with label නීතිය. Show all posts
Showing posts with label නීතිය. Show all posts
Friday, August 3, 2012
Wednesday, April 25, 2012
වෙනස් වෙයන්
අපිට තේරෙනවා උඹල අසරණයි කියල..
අපි දන්නවා උඹලට වෙන කරන්න දෙයකුත් නෑ කියල..
නැත්නම් අපි අපිට වෙන අසාදාරණයට විරුද්දව අපි කතා කරද්දී
උඹල අපිට වෙඩි තියයිද
උඹලා අපිට කදුළු ගෑස් ගහයිද
අපි දන්නවා ඒ අසාදාරණය උඹලටත් වෙනවා කියලා
අපිට තේරෙනවා උඹලගේ දුක..
ඔව් උඹල අසරණයි..
ඔව් උඹල අපිට වඩා අසරණයි
උන්ට වැඩක් නෑ අපි මොනා කලත්
අපි කොහොම ජිවත් උනත්
ඒ වගේම තමයි උන්ට උඹලවත් වැඩක් නෑ...
උන්ට ඕනේ සල්ලි සැප වාහන තරු පහේ හෝටල් වලින් කෑම
අපිට කන්න තියනවද කියන එක උන්ගේ ප්‍රශ්නයක් නෙවේ
කොටින්ම අපි ජිවත් වෙනවද කියන එකත් උන්ට ප්‍රශ්නයක් නෙවේ...
ඉතින් වෙනස් වෙයන් උඹල යන පාරෙන්...
ලියා එව්වේ - MaRLaN (http://wenasak.blogspot.com/)

Subscribe to:
Posts (Atom)