Showing posts with label ඊයේ. Show all posts
Showing posts with label ඊයේ. Show all posts

Monday, May 9, 2011

එකම මගක පියවර

දවසින් දවස උදාවෙමින්
ගලාගෙන යද්දි ජීවිතය
සිදුවීම් එකින් එක
උදාවෙයි ආයෙමත්

ඊයේ දවස විඳි විලස මම
අද දවස විඳියි අනෙකෙකු
ඊයේ සිනාසී අද මා හඬන විට
අයෙක් සිනාසෙයි හෙට කඳුල බව නොදැන

ඊයේ මා පියනැගූ මාවතේ
රැව් නැගි ඇගේ සිනාව වෙනුවට
අද එහි පා තබන වෙනකකු හා
ඔහුගෙ පෙම්වතී සිනාසෙනු ඇසෙයි

මට උදාවූ අද දවස
හෙට උදාවෙනු ඇත නුඹට
ඉතින් මා දෙස බලා දැකගන්න
නුඹට උරුම හෙටින් බිඳක්

ජීවිතේ එකම එක ගමනක්
හැරෙනු නොහැකිය කිසිවිට
උදා වූ අද දින ගෙවා
යා යුතුයි හෙට දින වෙත‍ට

අද දවස විමසන වි‍ට
පෙනෙයි නුඹෙ ඊයේ ලෙසින්
අද දින ගෙවන අයෙක්
ම‍ට වගේම නුඹට


-
ලියා එව්වේ - hare :-) (http://living.hartstuff.com/)

Related Posts Plugin for WordPress, Blogger...