හෙට දින උදා වන අසිරිමත් පොහොය දිනේ සුදෝ සුදින් සැරසී පන්සල් යන්නට ඔබ සැරසේද?
හෙට දිනයේ සිල් ගන්නා විට ඔබේ ඔසරිය අඳුරු පැහැ යැයි අනෙකුත් සිල්වතියන්ගේ අවඥාවට ලක් වේ යැයි ඔබ දුකෙන්ද?
නැති කරන්න ඒ දුක.
අදම 'පින්' රෙදි සෝදන කුඩු යොදා සෝදා ඔබේ සුදු ඇඳුම සුදෝ සුදු පැහැයෙන් දිදුලවාගන්න.
අත්ථාහි අත්තනෝ නාථෝ කෝහි නාථෝ පරෝසියා හෙවත් තමන්ගේ විමුක්තිය සලසාගන්නේ තමාමය ලෙස බුදුරදුන් වදාල ලෙසින්
ඔබේ රෙදි ඔබම සෝදාගන්න...
'පින්' කුඩු නිසා ඔබේ දෑතට ලැබෙන සුමුදු බව අත් විඳින්න.
හෙට පන්සල් යන්න කලින් අවබෝධ කරගන්න ඔබ.
සියළු සංස්කාර ධර්මයන් මෙන්.... කුණුද අනිත්‍යයි.
මෙය ඉදිරි කාලයේදී මුදල් ගෙවා ප්‍රචාරය කරන දැන්වීමකි.
ලියා එව්වේ - බ්ලොග්කාරයා (http://asinhalablogger.blogspot.com/)
Showing posts with label පෝය. Show all posts
Showing posts with label පෝය. Show all posts
Friday, August 12, 2011
Friday, June 3, 2011
බෞද්ධකම..
"මචං ප්‍රාණඝාතය කියන්නේ දරුණුම අකුසලයක්..."දන්සැලට සෙට් වුන ගමන් තරඟෙට එක එකා බෞද්ධකම එලියට දානවා...
"මදුරුවෙක් මැරුවත් ඒකත් පවක්"
"මමනම් සතෙක් මරණවා තියා ඒ ගැන හිතන්නෙවත් නෑ...."
"සත්තු මරණවා දැකලා සතුටු වෙන එකත් ලොකු පවක්ලු... එක ආත්මෙක මාළු අල්ලන
සීන් එකකට සතුටු වෙලා බුදුහාමුදුරුවොන්ටත් හොඳ වෙන්නේ නැති හිසේ
කැක්කුමක් තිබුනලුනේ..."
"අඩෝ උඹලට අද දවස මතකද..."සෙට් එකම මහ හයියෙන් ප්‍රීති ඝෝෂා කරන්ට ගත්තා...
හදිස්සියේම රවියා කෑ ගහලා ඇහුවා...
"අද... අද දහ අටනේ..."
"ඔව්.. ඉතින්..."
"ඕකනේ කියන්නේ ***ලට මේ දවසත් අමතකයි කියන්නේ.... දහඅට තමයි යකෝ අර **යා මැරුවේ..."
"අම්ම ගහයි..."
සෙලිබ්‍රේට් කරන්ට බඩු මඳි හින්දා දෙන්නෙක් බඩු ගේන්ට ලයනල්ලගෙ ගෙදරට ගියා...
ලියා එව්වේ - පුතා (http://dubaiwattakka.blogspot.com/)
Tuesday, May 17, 2011
ටීවී එකෙන් එන්නෑලු!
සමුද්‍රා මේ පාර වෙසක් පෝයට පන්සලේ සිල් ගන්න හිතුවෙ කාලෙකින්. හැමදාම කාර්යාලෙ පීඩනයකින් පෙලෙන හිතට සිල් ගැනීමෙන් පොඩි සහනයක් ලැබෙයි කියලයි එයා හිතුවෙ.
මේ පාර සිල් වැඩසටහන ටීවී එකෙන් සජීවීව දෙනව කියල ආරංචියක් තිබුණා.
ඒක තමන්ට කරදරයක් වෙයි කියල හිතපු සමුද්‍රා සිල්ගන්න හිටපු සෙනග පීරගෙන ගිහින් බෝ මළුව කෙලවරක හෙවණක සුදු රෙද්ද එලාගත්ත.
හැම පෝයටම සිල් ගන්න ආච්චිල කණ්ඩායම තමයි ධර්මාසනය කිට්ටුවෙන්ම ඉඳගෙන හිටියෙ.
පන්සලේ පුංචි හාමුදුරුවො ඇවිත් කියපු දෙයක් නිසා ඒ ආච්චිල කලබල වුණා. කීප දෙනෙක්ම නැගිට්ටා.
මැගිලින් ආච්චිත් එතනින් නැගිටල කඩිමුචියෙ සමුද්‍රා කිට්ටුවට ආව.
“මේ මම හැමදාම සිල් ගන්න තැන. ඔයා ටිකක් එහාට වෙන්න දුව. ටීවී එකෙන් එන්නෑලු”
ලියා එව්වේ - hare :-) (http://living.hartstuff.com/)

Subscribe to:
Posts (Atom)