ඕපාදූප, පොඩි උන්ගේ දැඟලිලි, මධුවිත ගැස්සෙන වීදුරු හැප්පෙන සද්ද වගේම "බඩුවක් දිහා බැලුවොත් නෑයෙක්.. බෝතල් මුල්ලට සෙට් උනොත් කේලම්.." මූඩ් එකෙන් මමත් ඔහේ හිටියා.
අහලින් පහලින් ඉගිල්ලෙන පැටිස් පිඟානක් දැක්කම එකක් හපහප බිත්තිය හේත්තු වෙලා හිටපු එක ඇරෙන්න කරන්න දෙයක් තිබුනෙම නෑ.
තාත්තා පාටි දවස් වලට ටීවී එක බිත්තිය පැත්තට හරෝනවා ඔක්කොම උන් එතන තැක් ගැහෙන නිසා.
කරගන්නම දෙයක් නැතුව ඉන්නකොට තාත්තා අවා.
"මෙන්න මේක කාමරෙන් තියාගන්නව!"ශිවාස් රීගල් බාගයක් අතට ලැබුනා.
කුස්සියෙන් කොකාකෝලා එකක් කාමරේට ගියා.
තව පැටිස් හත අටකුත්.
කාමරේ හිටපු පොඩි උන් එලියට දිව්වා.
ලියා එව්වේ - මුචලින්ද (http://muchalindha.blogspot.com/)
පැටිස් 7-8ක්? ඇති වුණාද?
ReplyDeleteඅන්න තාත්තල....
ReplyDeleteඑල කිරිනේ..... ඔහොම තාත්තලා කොහෙද හැමෝටම.....
ReplyDeleteකතාව පොඩි වෙලාවක් ගැන උනාට ඒක හොදට දැනෙන්නම ලියල තියෙනවා.
ReplyDeleteමේ කථාව කියවන්න ගත්ත වෙලේ ඉඳන් එක්කෙනෙක්ව මට කථානායකයා විදිහට මැවිලා පෙනුනා............. මූණ එල්ලගෙන "බඩුවක් දිහා බැලුවොත් නෑයෙක්.. බෝතල් මුල්ලට සෙට් උනොත් කේලම්.." හිත හිතා පැටිස් එකක් කකා බිත්තියට හේත්තු වෙලා ඉන්න හාදයෙක්. අන්තිමට බැලුවහම එයාම තමයි මේක ලියලා තියෙන්නේ. :)
ReplyDeleteරන්දිල් - හොහ් හොහ්.... ;-)
ReplyDeleteපව් නේද බං ඒ පොඩි එකා...මං කිව්වේ කාමරෙන් එළියට දිව්ව එකෙක් ගැන නෙවෙයි...
ReplyDeleteමොනවා උනත් තාත්තා දෙවියෙක්...
අන්න තාත්තල. ශිවාස් රීගල්!
ReplyDeleteරටක් වටිනව.