Showing posts with label ගම. Show all posts
Showing posts with label ගම. Show all posts

Friday, December 23, 2011

සිරිපාල මුදලාලි

සිරිපාලයා රස්සාවක් නැතිව ගමේ රස්තියාදු ගහපු එකෙක්.

ගමේ අයගෙ වතුවල පොල් කඩලා හම්බවෙන මුදලෙන් හවසට කසිප්පු වඩියක් ගහල බීඩියකුත් පත්තු කරගෙන ගම පුරා ගිය එකා.

පස්සෙ ටවුමට ගිහින් අවුරුද්දක් දෙකක් ඉඳල ආවා.

දියුණු වෙන්න මිනිහ කලේ ගමේ මිනිස්සුන්ව කොටවපු එක. වගාව ගැන එක එකාට ගතු කියලා.

ගුණේරිස් තමයි මුලින්ම විල්සන්ගෙ කුඹුරට හරක් යවල ඒක පාළු කළේ. ඊට පස්සෙ විල්සන් ගුණේරිස්ගෙ කුඹුර පාළු කලා. ඒකෙන් පටන් ගත්තු රණ්ඩුවෙන් මුළු ගමේම කුඹුරු ටික විනාස වුණා. එකාට එකා පෙන්නන්න බැරිවුණා.

ඔන්න ඊට පස්සෙ සිරිපාලය දැම්ම හාල් කඩයක්.

මිනිස්සුන්ටත් විකල්පයක් නැති නිසා සිරිපාලගෙ හාල් අරන් කෑවා.

දැන් ඌ සිරිපාල මුදලාලි. ලොකු බඩකුයි හිනාවකුයි එක්ක.



ලියා එව්වේ - hare :-) 

 

Friday, September 9, 2011

ග්‍රීස් යකා

"අපේ ගමේ හිටිය කියන ග්‍රීස් යකාව අහුවෙලා කියන්නේ..."
"ඔව් ඔව්, ඌට අතපය කැඩෙන්නම හොඳටම ගහලා තියෙනවා ගහක බැඳලා..."
"ඉතින් කවුද කොහොමද ඌව හොයාගෙන තියනවා කියන්නේ....?"
"අර අහවල් ඇමති තුමාගේ හොට් ලයින් එකට කවුද ඔත්තුව දීලා තියෙන්නේ. ඉතින් එතුමා වහාම ක්‍රියාත්මක වෙලා, හොඳට හොයලා බලලා පුද්ගලිකවම ගිහිල්ලා තමයි ඌව ගෙදරින් එලියට ඇදගෙන ඇවිල්ලා ගස් බැඳලා තියෙන්නෙ.........!"
"ඉතින් කොහොමද ඔප්පු කරන්නේ ඒ ග්‍රීස් යකාමයි කියලා....?"
"ආයෙත් අමුතුවෙන් ඔප්පු කරන්න දෙයක් නෑනේ, ඒක මේ ගමේ හැමෝම දන්නවා....!"
"ඒ කොහොමද බං ඒ...?"
"ඇයි බං... පහුගිය කාලේ හැම අවුරුද්දකම, සිංහල අවුරුද්දට තියෙන අවුරුදු උත්සවයේ ග්‍රීස් ගහේ නැගලා කොඩිය ගන්නේ ඌ තමයි. ඌ ඇවිල්ල මාර යකෙක්....!"

ලියා එව්වේ - දුමී (http://dhumee.blogspot.com)

Tuesday, July 5, 2011

ගමෙන් ගෙනාපු සිතුවිලි

මං හවසට කොළඹ අහස දිහා බලාගෙන ඉන්නවා. එත් මොකද්දෝ අඩුවක්. වෙලාවකට හිතෙනවා මේ වලාකුලුත් හරියට කොළඹ වගේම අමුතුයි කියල. ගමේ වලාකුළු වලට හැප්පෙන්න දොඩමලු වෙන්න ඕන තරම් කඳු තිබ්බ. එකට මෙහෙ වලාකුළු, මේ වලාකුළු වලට අරමුණක් නෑ. ඔහේ පාවෙනවා විතරයි. ඒවිතරක් නෙමේ ඉරත් එහෙමයි. කොළඹ ඉර දන්නේ නෑ කවදාවත් ගමේදී වගේ වගේ ලස්සනට බැහැල යන්න. ගමේදී ඉර බැහැල යද්දී මුළු අහසම ලස්සන පාටක් ගන්නවා. රත්තරන් පාට ගැහුන ඉර එලිය වෙල්යායට වැටෙනවා. ගමේදී වගේ අහසේ තරු මාත් එක එක්ක කතා කරන්නේ නෑ. මතක් කරන්නෙත් හිතට වද දෙන සිතුවිලි. ගමේදී හඬ එලියට ඔයාට වැටිලා රිදී පාට රටා මවනවා. කොළඹදී හද එළියත් අකිකරුයි.

ලියා එව්වේ - නුවන්තා දිල්හානි

Friday, January 21, 2011

ගම වටේ...!

කඨින චීවරය ගම වටේම ගියා. ගමෙන් තුන්කාලක සාදුකාරෙ ඒ පස්සෙන් වැටුණා...

එන්න බැරි උදවිය පාන්දර 4ට නැගිටගෙන ගෙවල් ඉස්සරහ ඉඳන් චීවරයට අතගැහුවා...

හයට විතර පන්සලට ඇදුණ කඨින පෙරහැරේ හිටපු සෙනග දැක්කම ලොකු හාමුදුරුවන්ගෙ කට කොණට හිනාවක් ආවා...

කඨින ධර්ම දේශනාව අතරෙ පෙරහැරේ ගිණි බෝල කරකවපු නවිඳු මල්ලිට මදුරුවො දශ්ඨ කලා...

එයාට ඩෙංගු හැදුණා...

එතනින් පටන් අරන් ඩෙංගු බෝ වෙන්න ගත්තා... ගම වටේම...

පී.එච්.අයි. මහත්තුරු දෙවතාවක්ම මදුරුවො බෝවෙන තැන් විනාස කරන්න කියල එනවුන්ස් කලා...

ගමේම පත්‍රිකා බෙදුවා... පෝස්ටර් ගැහුවා...

එයාලටම ඇවිත් ගම වටේම බලන්නත් වුණා.

සෑහෙන කාලයක් ගියා. කීප දෙනෙක් මැරුණා...

මිනිස්සු අල්ලපු ගෙවල්වලට බැණ බැණ හවස 4 වෙද්දි ජනෙල් වැහුවා...


ලියා එව්වේ - h (http://living.hartstuff.com/)

Related Posts Plugin for WordPress, Blogger...