Showing posts with label සීය. Show all posts
Showing posts with label සීය. Show all posts

Saturday, January 1, 2011

අලුත්ම අලුත් අලුත් අවුරුද්දක්!

අද අපට අලුත් දවසක්... අලුත් අවුරුද්දක්!

අද ඉඳන් අපි දවස මොකක්ද කියල බලන්නෙ අලුත් කැලැන්ඩරේකින්.

ඒ එක්කම උදාවුණ අලුත් අවුරුද්ද ඉතිහාසෙ ඉඳන් අලුත් අවුරුද්දටය කියල කරපු කියපු හැමදේකින්ම ආයෙමත් පුරවන පරණම පරණ අලුත් අවුරුද්දක්ද කියන එක හිතන්න සිද්ධ වෙන අවුරුද්දක්.

ඔබට මතකද පසුගිය අවුරුද්දෙ ඇරඹුමේදි ඔබ කරන්න හිතපු, ප්‍රාර්ථනා කරපු දේවල්?

නැත්තං ඒ ප්‍රාර්ථනා පසුගිය අවුරුද්දෙ ජනවාරි මාසෙ මැදක් වෙද්දි අමතක වෙලා ගියාද?

එහෙම නොවී මේ අවුරුද්දෙ හැබෑවටම අලුත් වෙමුද?

අලුත් වෙන්න අවුරුදු ගණන් නොහිටපු සීයේ කතාකාරයො පණහකට වැඩිගාණක් පරණ අවුරුද්දෙ මේ පුංචි සියයේ බලාපොරොත්තුව අලුත් කලා...

උදාවුණ අවුරුද්දත් අභියෝගයක්!

සූදානම් වෙමු ඒ නොදත් අභියෝගයට!

ඔබට අලුත්ම අලුත් අලුත් අවුරුද්දක්!

Thursday, September 9, 2010

"සියක්" ආයු ලැබ.

නිදිගැනුමට මා දොර වසාගත් වනම දොර ලඟට වන් ඈ මතුරන්නට වන්නාය.
"සංසාර සරෝග විනීත නීසං"
ගෙන් පටන්ගෙන තවද දහසකුත් ඈ මුමුනනවා ඇත. මෙය කන වැකුනේ තාත්තා නැන්දා සමග පවසද්දීය.
තවමත් උදෑසන තේ කෝප්පය ඇඳ ලඟට ගෙනත් දෙන ඈ ගෙන ඒමට පෙර එය වතුර භාජනයක තබා නිවයි. ඒ මා උණු කිරට නොකමැති බැවිනි.
කෙදිනකවත් ඈ ඇස නොගැටී මා නිවසින් පිටව නොමැත.
"බිව්වට කමක් නෑ. ගඟේ මූදේ නාන්නෙපා"
ඈ අපල විශ්වාස කලාය. ඈ මට ඇති ආදරයට දේවාල කපුවන් පොහොසත් කලාය.
සියක් ආයු ලැබ මගෙත් ආයු ගෙන මටත් වඩා කල් ඔබ ජීවත් වන්නට නොපතමි. ඒ දරු දුක ඔබට දුකක් නොවන නිසාවෙනි.

ආදරෙයි අම්මේ!

ලියා එව්වේ - මුචලින්ද (http://muchalindha.blogspot.com/)

Monday, September 6, 2010

මල් නෙලීම..

යාළු කරගැනීමේ සංග්‍රාමයක් ආයෙත්.
සාම නියෝජිත දුරකථනය. පාළුව මකන්න යන්තරේ සින්දුවක්. ස්කිට්සෝ...
:-)
ම්හු.. සද්ද නෑ...
Me itin mama eka aran ennam. Vihiluwatane ba kiwwe…
මල් නෙලන්න පන්සල් නොයන්න ජයම ගන්න කොඩිය ගන්න...
Mata epa oyage kehelmal. Oyama thiyaganna. Mama nidi.
Apo oya napuru welane.
දුරකථනෙන් නිවන් යන්න මහ පාරෙන් ඉවත් වෙන්න
Ehema thamai. Anith aya mata salakana widhiyata thamai mamath anith ayata salakanne.
Itin mama oyata hodata salakanawane
පොළොව එක්ක තරහ වෙන්න ආකාසේ මුදුනටම යන්න
Hapo ow thawa naththan. Me wada node nidagannawada?
Mama nathuwa oyata wena kauru wada dennada? Tikak katha karamu…
සින්දුව ඉවර වුණත් පිළිතුරක් ආවා...
:-)
ලියා එව්වේ - h (http://living.hartstuff.com/)

දේදුන්න

ඈත අහසෙ දේදුන්නක් පායල.
මල් වැහි පොද එක දෙකකුත් එක්ක.
අපෙ සුපුරුදු ලොවි ගහ යට බන්කුවෙ මම වාඩි උනේ හිතේ හුස්මක් හිර කර ගෙන.
මම ගහට ඔළුව බර කලා.
වෙනදට නම් ඔලුව තියන්න ඔයාගෙ උරහිස තිබ්බා.
ඔයාට වාරු වෙල ඉන්න වෙලවේ ඔයාගෙ ඇඟිලි තුඩු වලින් මගෙ ඔලුව පිරි මදින කොට මට දැනුනෙ නිරාමිස සුවයක්.
එත් අද ඔයා නෑ මන් ගාව.
ඔයා හිටියනම් ඔයාට පෙන්නන්න තිබුනා දේදුන්නෙ ලස්සන.
දවසක් ඔයා කිව්වා ඔයා තරම් දේදුන්න ලස්සන නෑ බබෝ කියල.
මගේ හිත් අහසෙ පාට පාට රටා මවල හදිසියේම අතුරුදහන් වෙලා ඔයා ගියෙ ඇයි කියල තාමත් මන් හිතනව.
හරියට අර අහසේ පායපු දේදුන්න වගෙ.

ලියා එව්වේ - උපේක්ෂා (http://gurupara.wordpress.com/)

වනචරයා


රැල්ලේ ගෝසාව හිතේ ගෝසාවට වඩා වැඩි වුවත් ඇයව දකින්නේ සය මසකට පසු නිසා හිත ඇතුලේ මේ දිනවල වාරකන්ය.

ගොඩක් වෙලාද ඇවිල්ලා..?

ඔව් පැයක් විතර වෙනවා..!

සුදූ හොඳ කාලෙකින් නේද අපිව අපට හම්බු උනේ..?

ඔව් නේන්නම්..!

ඈ යලිදු මා උරහිසේ ය.
වෙනදා එන දහඩිය සුවඳ වෙනුවට එන සැන්ට් සුවඳත්, මා සැමදා ආශාකල සිංහල වදන් මැදට ඉංගිරිසි අකුරු කෑලී පැමිණීමත් හිතට දුන්නේ මහා දුකකි.

Baby?

හ්ම්ම්..?

අපි කාලෙකින් නේ හමුවුනේ සුදූ..?

ඔව්, ඔව්, ඒක හරි

soo… ඔයාට මොකද හිතෙන්නේ මේ වෙලාව ගැන..?

ඔයාට හිතෙන දේම තමා සුදූ..!

චික් විතරක් වනචරයා..!

එන්න එපා ඕවාට..!

මම කෑ ගහනවා..!!

Helpppppppppp..!!!

මට දෙවියන් සිහි විය..! නොදෝමකින්..!

ලියා එව්වේ - LishWish (http://lishwish.blogspot.com/)

නිහඬ පාලකයා

සත්‍ය ආදරය ඉදිරියේ රමණය යනු,
            "අපි කරමුද සුදූ ?"
                      කියා ඇසූ පමණින් කල හැක්කක් නොවේ.
මා එය උගත්තේ නුඹෙනි. මා තුල උපන් එම අදහස අවසන් වරට මියැදෙන්නේද නුඹ තුරුලේමය. "තුරුල" මා අපමණ විඳ ඇති මුත් කෙට්ටු නුඹගෙන් මෙතරම් පිරිපුන් තුරුලක් බළාපොරොත්තු නොවුනි. බෙලි දෙක හේතුවෙන් ඔලු දෙක එකිනෙක පරයා bond ගසාගෙන ඇත. මගේ තාප්පයක් වන් වූ සිරුරට ඔබේ කුඩා බිත්තිය තදවී ඇත. හුස්ම බිඳු, සර්ප හුස්ම ගැනුමක් මෙන් කන් පුරවයි. එකිනෙකාට තද වුනු නුඹද මාද හරහා කුමක් හෝ එනු යනු දැනේ. ඒ කුමක්දැයි සෙවීම මා සිතට උගහට මුත්, නුඹ අඩවන් දෑසින් ජීවිතයේ රස මේ යැයි රහසින් පවසයි.

මම උඹට ආදරෙයි!

ලියා එව්වේ මුචලින්ද (http://muchalindha.blogspot.com/)

ලියන්නයි තියෙන්නේ...

සීය, සෙන්චරිය, හන්ඩ්‍රඩ්, ශතකය, ඔය මොන නම කිව්වත් එකයි බින්දු දෙකයි එකතුකරලා ලියන ඉලක්කමේ අගය එකවසරෙ පොඩි එකෙක්ගෙ ඉඳන් චක්කරේ පාඩම් කරන අටවසරේ එකාවත් පහුකරගෙන ලෝකයේ හොඳම ගණන්කාරයත් දන්න ප්‍රසිද්ද මෙව්වා එකක්. තැඹිලිපාට කලය සාක්කුවේ දාගෙන මාකේස්ගේ සියක්වසක හුදකලාව කියවගෙන එනගමන් ටුවෙන්ටියත් සෙන්චරි ෆොක්ස් බලලා ටී එම්ගෙන් සියක් ආයු ලැබ මගෙත් ආයු ලැබුවත් සීය කියන එක අදත් හෙටත් සීයම තමා. අවුරුදු සීයක් ජීවත් වෙලා ඉන්න සීයලාගේ කාලෙ මේ වගේ මලසමයං සිද්ද නොවුනත් මුල මැද අග කෝක කියන්නත් තියෙන්නේ වචන සීය නිසා කෙටියෙන්ම කිව්වොත් මේ බ්ලොග් එක ලියවෙන්නේ මාතෘකාව ඇරුනාම වචන සීයකින් ලියවිලා තියෙන පෝස්ට් විතරයි, ඉතිං හැමෝටම ලියන්නයි තියෙන්නේ.

Related Posts Plugin for WordPress, Blogger...