ඇගේ ලය ප්‍රදේශයෙන් උණුසුම් රුධිර දහරා ගලා යමින් පැවතින. ලේ වැකුණු පිහිය පසෙකය. පිහි ඇනුම නිසාවෙන් අප්‍රාණික වෙමින් තිබූ සිරුර, බමන මතින් සිටි ඔහුගේ සිරුරට බරවිය. ඇයව වත්තම් කරගෙන බිත්තියට හේත්තුවූ ඔහු එතැනම වාඩිවී, රුධිරයෙන් නැහැවුනු අතින් නිකට ඔසවා,
“ඉස්සර උඹ කිව්වානේ මගේ තුරුල්ලේම මැරිලා යන එක තරම් සැපක් උඹට නැහැ කියලා, ඕන් දැන් උඹේ පැතුම ඉෂ්ට වෙන්නයි යන්නේ”යි වදන් පටලමින්, ගොත ගසමින් පැවසුවේය.
“ඔව්............. මං එහෙම කිව්වා......................, ඒත් මං එහෙම කිව්වේ.................... මං එදා ආදරේ කරපු,................. මට පණ වගේ ආදරේ කියලා කියපු.................. ඒ දෙයියන්ගේ අතේ මිස................... අද මේ ඉන්න......................... කාලකණ්නි නරුමයාගේ අතේ නෙමෙයි යකෝ............................” එසැනින් ඇගේ අවසන් සුසුම වාතලයේ අතුරුදන්විය.
ලියා එව්වේ - රන්දිල් (http://ranrandil.blogspot.com/)
Showing posts with label රන්දිල්. Show all posts

Tuesday, April 12, 2011
අනේ ඇයි බං පුතේ මේ........... ?
“අනේ බං පොඩි එකෝ.........
උඹට අහවල් දේකින් අඩුවක්ද? මොකද්ද බං මේ වෙනකම් බලන් ඉන්නේ?
අපි දෙන්නා ගැනවත් හිතුවද?
උඹට එහෙම දෙයක් වෙනවට වඩා හොඳයි මටයි තාත්තාටයි වෙන එක. එහෙම දෙයක් වුනාට පස්සේ අපි ඉඳලා පලක් තියේද?
උඹට එහා උඹේ යාළුමිත්‍රයෝ. උනුත් කටක් ඇරලා කිසි දෝසයක් නැතුං උඹට ඔය නම කියනවානේ.
ඇයි පුතේ, උඹට අපි පොඩි කාලේ දාපු නම ඔච්චරටම අසෝබනයි කියලා හිතිලද මෙහෙම නමක් දාගත්තේ?
උඹ නං අයියාගේ අහලකින්වත් තියන්න පුළුවන් පුතයෙක් නෙමෙයි. කනමොදයා වගේ බීගෙන............. මේ විදිහට ගියොත් උඹ නමකුත් දාගෙන වෙනකම් බලන් ඉන්න එක, ඉෂ්ට වෙනවා වැඩිකල් නොයාම.
වෙනකන් බලාගෙන ඉන්න
මගේ මරණය
තුහ් විතරක් මොකටද මගේ කට”.

Wednesday, March 16, 2011
හිතවත් අයැදුම්කරුව
හිතවත් අයැදුම්කරුව,
පරිගනක මෙහෙයුම් පරිපාලක තනතුර හා සම්බන්ධවයි
එවනලද අයැදුම්පත සලකා බැලීමෙන් අනතුරුව අප ආයතනය විසින් තීරණය කරනු ලැබුයේ ඔබ වෙත ඉහත තනතුර ප්‍රදානය නොකිරීමටයි. නමුදු දිගින් දිගටම ඔබ විසින් කරන්නට යෙදෙන විමසීම් හේතුවෙන් අප තීරණයට හේතුව මෙසේ දන්වා එවමු.
ඔබගේ නම ඇතුලත්කර, ගූගල් සෙවීම් යන්ත්‍රය මගින් බොහෝ තොරතුරු ලබාගත හැකිවිය. ඒවා උපයෝගී කරගෙන, ෆේස්බුක් හරහා එවන්නට යෙදුනු මිතුරු ඉල්ලුම හැරෙන තැපෑලෙන් පිලි ගැනීමද, ගූගල් බස්හී ඔබ බොහෝ සෙයින් කාර්යය බහුලවූ රියදුරු මහතකුවූ බැවින්ද, ඔබගේ ප්‍රොෆයිලය බොහෝ බ්ලොග් අතර නිරතුරු දැකිය හැකිවීමද, ඔබ දිනපතා බ්ලොග් ලියන්නකු වීමද, යන තීරණාත්මක සාධක සළකා බැලීම අපගේ තීරණයට හේතුවිය.
ස්තුතියි,
මෙයට විශ්වාසී,
බ්ලාබ්ලාබ්ලාබ්ලා ආයතනය

Wednesday, March 2, 2011
කාලා වරෙන්කෝ පරිප්පු..........
රෝහලේ ඉන්න අක්කා ගැන ඇති දුකත් මොහොතකට අමතක වෙනවා මේ කෙල්ලව දැක්කහම.
ඉස්සර නං හිතෙන්නේ නියම කැල්ලක් කියලා. බලන විදිහට මට මගේ වයසත් අමතක වෙනවා.
අනේ මගේ අක්කා! අක්කා මට වඩා අවුරුදු 16ක් වැඩිමහල්. මාවයි අක්කවයි දකින අය හිතන්නෙත් අම්මයි පුතයි කියලා.
අක්කා බලන්න යන්න ඕනෑ නිසා පාන්දරින් එන නිසා බස් එකේදී ඇයව හමුවෙනවා. අදත් ඉන්නවා බසයේ මගේ අසුන කෙලින්ම එහා අසුනේ. චික් මේ නාකියා නිසා මට එයාව පේන්නේ නැහැනේ.
“අංකල්, අංකල්” හපොයි මේ මිනිහාව එයා අඳුරනවා වගෙයි.
“නැහැ ඔයා නෙමෙයි එයා පැත්තේ ඉන්න අංකල්” හුටා. මට නේද මේ කථා කරන්නේ?
“අංකල් ඔයා නදිනිගේ මාමා නේද? දැන් නදිනිගේ අම්මාට කොහොමද?”

Thursday, February 24, 2011
ලබන අවුරුද්දේ එන්න
“අද සරුයි අම්මේ. රු.6000ට රු.120යි අඩු. හෙට නිදහස් දවස නිසා බස්වල යන මිනිස්සු පිං දිදි ගත්තේ ජාතික කොඩි ටික, ළමයින්ට ඉස්කෝලේ ගෙනියන්ට එහෙම එපැයි”
අම්මා ගෙවල්කුළි ගෙවන්ට. මෙන්න උදේ අම්මාගේ අතින් ගත්ත රු.200ත්” සියලු මුදල් අම්මා අත තැබීමි. නිදහස් දිනයත් සතිඅන්තයත් එකටම ආ නිසා ඒ දින තුනේ වැඩි ඉපයීමක් නොවුනි.
“මේන් පුතේ රු.200/-ක් 20 කොළ වලින්ම. උඹ කියන්නැහේ අතේ සල්ලි තියෙනවා දැක්හම මිනිස්සු උඹ අතේ තියෙන බඩුවක් ගන්න උනන්දුවෙනවා” අම්මා දුන් මුදල් සමඟ සඳුදා පාන්දරින් පිටත්වීමි.
“මල්ලි මොකද අද 7 වෙනිදා ජාතික කොඩි උස්සගෙන ආවේ. යන්න යන්න ලබන අවුරුද්දේ එන්න” අම්මා අතට දුන් මුදලින් දවල්ට කා හිස් අතින්ම නිවසට ගොඩවීමි.

Thursday, December 16, 2010
අපි වෙන එකක් ගම්මු..
“දෙයියනේ ඔයා මොන සිහියෙන්ද හිටියේ, බීගත්තහම මේලෝකේ සිහියක් නැහැ. මගුල් මුද්ද අතින් වැටෙනවා නොදැනෙන්නම ඔයාගේ සිහිය විකල් වුනේ නැට්ටිච්චියෝ මහ ගානක් ඉන්න ඇතිනේ”
මහහඬින් කෑ ගසමින් හඬා වැටී ඒ තරහින්ම නින්දට වැටී සිටින සිය බිරිඳ දෙස, බිය රැඳි නෙතින් බලා සිටි ඔහු, මුහුදු වැලි රැඳුනු දෙපාත්, ඇඳ සිටි ඇඳුනුත් සමගම ඇය අසලින්ම වැතුරුනේය.
මහමුහුදේ ඝෝෂාව ඇසෙන්නට විය. දන්නා හඳුනන මුහුණු බොහොමයක් වෙරළේ විය. මළ සිරුරක් පොල් අත්තකින් වසා තිබේ.
“මුද්ද වැටිලානේ. එපා කියද්දි ඒක සොයන්න ගිහින්නේ”
පොල් අත්ත ඉවත් කෙරිණ.
“අනේ මගේ සමන්ත..........”
දහදියෙන් නැහැවී, බියෙන් වෙවුලමින් අවදිවූ ඇය, තිගැස්සී ඇහැරී සිටි ඔහු වෙත තුරුළු වූවාය.

Monday, November 8, 2010
ලේ නැති මස්..
මට අඩු නැතිව මස් රාත්තලම ඕනේ
ම්ම්ම්........... හොඳයි දෙන්නම්
හැබැයි එක ලේ බිංදුවක්වත් හලන්නේ නැතිව කපන්න ඕනේ
මොකද, ලේ වල අයිතිය මටයි
මොනවාද කියන්නේ?...........
ඒ කොහොමද එහෙම කරන්නේ?
ඒක කොහොමටවත් කරන්න බැහැ. ලේ හලන්නේ නැතුව මස් කපන්න?
ඒක මං දන්නේ නැහැ. එහෙනම් මස් රාත්තල ලැබෙන්නේ නැහැ.
(එදා: වැනීසියේ වෙළෙන්දා)

ඒක මං දන්නේ නැහැ. එහෙනම් මේ මාසේ පඩිය ලැබෙන්නේ නැහැ.
(අද: මනුස්සකම් වැනසීගිය වෙළෙන්දෝ)

Labels:
පඩිය,
ම්ස්,
රන්දිල්,
රස්සාව,
ලේ,
වැනිසියේ වෙලෙන්දා,
විවෘත ආර්ථිකය
Thursday, October 28, 2010
ආදරණීය මෙරුවා!!!!!!!!!
අනේ පව්!!!
ඇති යාන්තම් දැන්වත් තේරුණා
මොකද්ද?
ඒක...
ඒක කිව්වේ............?
ඒක කිව්වේ, මං පව් කියන එක
ඔයාට වැරදිලා........
මට වැරදිලා?........ ඇයි?
ඔයාට නෙමෙයි පව් කිව්වෙ.
එහෙනම්?
අර මෙරුවාට.....
මොනවා........ මෙරුවෙක්ට?
බලන්නකෝ ඒ සතා විඳින දුක තටු දෙකම
වතුර බිංදුවේ ඇලිලා.
අනේ ඌව බේරන්නකෝ..........
මට බැහැ!!!!!
බැහැ?
ඔව් බැහැ තමයි
එහෙනම් අයින් වෙන්න මං බේරන්නම්.
නැත්තම් ඉක්මනටම ඌ මැරේවි.
මැරිද්දෙන්!!!
නපුරා!!!
අනේ ඇත්තට ඔයාට නම් පිස්සු.
ඔයා බේරුවත් නැතත් තව මිනිත්තු පහක් හයක් ඇතුලත
ඔය සතා අනිවාර්යයෙන් මැරෙනවා.
මට දුක මෙච්චර වෙලා මං කියාපු ඒවා නෙමෙයි
අහගෙන ඉඳලා තියෙන්නේ, මැරෙන්න දඟලන
මෙරුවෙක් ගැන හිත හිතා ඉඳලා.
අනේ පව්!
මෙරුවාද?
නැහැ... ඔයා!
ලියා එව්වේ - RanDil (http://ranrandil.blogspot.com/)
Subscribe to:
Posts (Atom)