Showing posts with label සිංහල සින්දු. Show all posts
Showing posts with label සිංහල සින්දු. Show all posts

Monday, December 24, 2012

සිංහල සින්දු

කවියක්, ඔව්!!
නමක් නැති කවියක්,
අරමුණක් නැති පද වැලක් ලඟ
එලිසමය වැට හැඩට බඳවන
නමක් නැති කවියක්,.............
තනුවක්, ඔව්!!
එය සුපිරි තනුවක්
කනට හුරු නැති, දනන් නොමදත්
විශාරදයෙකු ගොතපු තනුවක්,
වෙන රටක තනුවක්...............
නිළියක්,ඔව්!!
මනබඳින නිලියක්,
පියරු අතුරා පාට තවරා
අංගනා රූසිරි ප්‍රගුණ කල
අපි දන්න නිලියක්..................
මිතුරෙක්, ඔව්!!
අතිජාත මිතුරෙක්,
ඔහුත් නොමදත් අපත් නොමදත්
වදන් වැකි වේගයෙන් කියවන
එයා රොක් තරුවක්..................
දිනයක්, ඔව්!!
ජනහිතැති දිනයක්,
බොහෝ මිනිසුන් විවේකෙන් හිඳ
රූප පෙට්ටියේ අසල හිඳගත්
නොන් පීක් දිනයක්..................
වලියක්, ඔව්!!
මම ලියපු කව,  මගේ අදහස,
මගේ පිරිවැය, මගේ සිහිනය,
හරි ජයට වලියක්...................
ගීයක්, ඔව්!!
හෙලබසින් ගීයක්,
හොරාගත් තනුවලට නිමැවුනි
සිරිලකේ ගීයක්........................

ලියා එව්වේ - සුදු හංසි (http://kaveej.blogspot.com/)

Related Posts Plugin for WordPress, Blogger...