Showing posts with label ෆෑන්. Show all posts
Showing posts with label ෆෑන්. Show all posts

Tuesday, December 14, 2010

සොරි මදූ...!

ඊයේ රෑම තිබ්බේ පුදුම සීතලක්...

මෙහෙත් නුවරඑළිය වෙන්න යනවා වගෙයි..

ඒත් ඉතිං ඔළුවේ ඉඳන් පෙරවගෙන ෆෑන් එක දාගන්නවා මිසක් වෙන කරන්න දෙයක් නෑ මදුරු වසංගතෙන් ගැලවෙන්න..

කොයිල් පත්තු කරලා ඒවා හදපු උන්ගේ අම්මලව මතක් කරනවට වඩා හොඳයි වෙව්ල වෙව්ල හරි ෆෑන් එක දාගන්න එක..

අද උදේ ඇස් අරින කොටම ඇස් දෙක ඉස්සරහා බිත්තියේ මෙන්න ඉන්නවා මධුරි..!

......

අද දවල් මගේ කාමරේට ලොකූ මදුරුවෙක් ඇවිත්..

කූ කූ ගගා කණ අයිනේ කැරකෙනවා.. බඩගින්න‍කුත් නෑ වගේ...

හරිනේ.. ඌ ශාකභක්ෂක. කූ කූ නෙවෙයි මධුරි කෝ මධුරි කෝ අහන්නේ..

මං ඌට සොරි කියලා බිත්තියේ පැල්ලම පේන්නුවා..

ඌත් දං ගෙඩියට බෙල්ල තියන්නං ‍කියලා මගේ අතටම වැහුවා..

“චටාස්”

ලියා එව්වේ - මලී (http://abnormalminds.blogspot.com/)

Tuesday, September 7, 2010

ෆෑන් එක සහ ඉටිපන්දම

''අම්මලාට ගිය මාසෙ ලයිට් හම්බෙලාලු...''

''ආ..ඇත්තද.....''

''අපි ඒ පැත්තෙ ගිහින් එමුද හෙට අනිද්ද?''

බිරිඳගේ පෙරැත්තය නිසාම පසුගිය සති අන්තයක අපි ඇයගේ මහගෙදර බලා පිටත්ව ගියෙමු.

"අපි මොනවද අරන් යන්නෙ...?"

ඇය නගරයේ ලොකු සාප්පුවකින් stand fan එකක් උස්සගෙන ආවාය.

"තාත්තට සතුටු හිතෙයි..."

"හ්ම්.."

අප එහි යන විට රාත්‍රී හත අට පමණ වී තිබුණි. වහා ඇඟ සෝදාගත් මා රාත්‍රී ආහාරය ගනිමින් සිටියදීම හදිසියේ විදුලිය විසන්ධි විය. එකෙනෙහිම කාරුණික වූ නැන්දනිය ඉටිපන්දමක් දල්වා කෑම මේසයේ අප අසලින් තැබුවාය.

" අම්මේහ්... හරි ඌෂ්ණෙ..."
මාමණ්ඩිය මොහොතකින් කියන්නට විය.

"දූ ගෙනාව ෆෑන් එක දාන්නද...?"
නැන්දම්මා අසයි,

"ඔහේට පිස්සුද හැබෑට ඉටිපන්දම නිවෙනවනෙ..."
වහා කිපෙන සුළු මාමණ්ඩිය බෙරිහන්දෙයි.

ලියා එව්වේ - සුදර්ශන දිසානායක

Related Posts Plugin for WordPress, Blogger...