ඔප්ටිමස් ප්‍රයිම් දැන් හරි උස ගිය
ඒත් සෙන්ටිනල් ඊටත් වඩා උස
පපුතුරේ යකඩ පට්ටම්
උරහිසේ කැපෙන කඩු
පෘථිවියේ හරි ජරමර
අහස් පාලමෙන්
හඳේ වුන් පොළොවට පනින
අපිට ඕනෑ මේ පොළොව
ගර්ජනා කරමින් ඉල්ලා සිටින
සෑම් විට්විකී හරි පෙම්බර
කාලි ස්පෙන්සර් හිත කරකවන
මේ මහා සටන් මැද
ඔවුනොවුන් සිපගන්න
සයිබර්ත්‍රෝනියාවෙන්
සාම හමුදා එවන
හඳේ මායමකට රැවට
එහිම නතරවන
මෙගාත්‍රොන් දැලිපිහි කරකවන
ඒ පිහියෙන්ම මිනිසුන්ට කිරි කවන
ඔප්ටිමස් ප්‍රයිමයා අත නැති වුණ
තූතූ කර දැමූවා
හරි උස සෙන්ටිනල් තෙම
මේ සියලු සටන් මැද
පෙම් යුවළ
අත් බැදගෙනම එහේ මෙහේ දුවන
මේවා හරි ජාති සිනමාපට
ඔක්ටමස් ප්‍රයිම් නම්හරි උස
ලියා එව්වේ - කාංචනා අමිලානි (www.thinkland.net)