"ඔන්න බලන්න මුදලාලි, බඩු ටික ගත්තට දාගෙන යන්න හරිහමන් මනුස්සයෙක් නෑනේ ත්‍රීවිල් පාර්ක් එකේ?"
"ඇයි නෝනා අර තියන ත්‍රීවිල් එක?"
"අපෝ ඌත් එක්ක ගියහැකිද මුදලාලි? මූණේ තියන මුසලකම. මූණ පුරා තුවාල කැරළි. වෙන එකක් එනකම් පොඩ්ඩක් බලනවා. හැබෑටම කව්ද ඒ? ලඟදි නේද මෙතෙන්ට ආවේ?"
"ඔය කුලී වැඩ කරපු පියදාසගේ ලොකු කොලුවනේ. හමුදාවේ හිටියේ. පුදුකුඩිඉරිප්පු වලදී මෝටාර් එකක්ද කොහෙද වැදිලා එලෝ මෙලෝ නැතුව හිටියේ. මයේ හිතේ කොල්ලා අවුරුද්දකට වඩා ඉස්පිරිතාලේ හිටියා. කට්ටිය හිතුවේ මැරෙයිම කියලා. ඔය මූණපුරා තියෙන්නේ ඒ වෙච්ච තුවාලවල කැලලි. හමුදාවෙන් විශ්‍රාම අරන් ගමට ආවට පස්සේ කොල්ලෝ ටික ඌව දාගත්තා ත්‍රීවිල් පාර්ක් එකට. ඌත් ඉතින් ජිවත් වෙන්න එපැයි නෝනා...."
ලියා එව්වේ - ගොඩයා (http://godayan.blogspot.com/)
Showing posts with label ගොඩයා. Show all posts
Showing posts with label ගොඩයා. Show all posts
Wednesday, July 27, 2011
Wednesday, June 1, 2011
මූණේ ලස්සන හදවතේ නැත්නම්..
හදිස්සියේ මාව මුණගැහෙන්න වුවමනායි කියපු නිසා ගියා ශාන්ලගේ ගෙදර.
ලියා එව්වේ - ගොඩයා (http://mamagodaya.blogspot.com/)
" බලපන් මචං ශාමි මාව දාලා ගියා. මාව එයාට බෝරිංලු. පහුගිය ටිකේම අපි අතර ප්‍රශ්න තිබ්බා"එහෙම කියලා කතාව පටන් ගත්ත එකාගේ හිතේ තිබ්බ දුක පැය 3,4ක් තිස්සේ දොරේ ගැලුවා.
"උඹට කිවනේ එකී හරියන්නේ නෑ උඹට.ඒකිගේ මූණ ලස්සන වුනාට හදවත එහෙම නෑ බං. ඒකිගේ ලස්සනින් ඒකි කොල්ලෝ නටවනවා".
"ඒක තමයි බං මට ඒකි ගැන දුක. ලස්සන තියෙනකම් ඒකි ඔය සෙල්ලම කරයි. ඒත් ලස්සන නැතිවෙන කාලෙකට කව්ද ඒකිව ආදරෙන් බලාගන්නේ "කඳුළු පිරිච්ච ඇස් පිහින ගමන් මගේ මිත්‍රයා ඇහුවා. රතු වෙච්ච ඒ ඇස්දෙකේ ඇය වෙනුවෙන් තාමත් ආදරය පිරිලා ඉතිරිලා තියනවා මම දැක්කා.
ලියා එව්වේ - ගොඩයා (http://mamagodaya.blogspot.com/)
Subscribe to:
Posts (Atom)