කුරුලු පිහාටුවක් වගෙ නේද වාසනාවන්ත ආදරේ..? ඕනාවට වඩා සංවේදී වෙන වෙලාවකට නම් ප්ලාස්ටරයක් වගේ..එහෙම දවසක් මම කිව්ව නේද?..
කුරුලු පිහාට්ටක් වගෙ සුන්දර ආලයක් ලැබුනම කියමුකෝ.. අනේ ඔය සුමුදු පිහාටුව මිටට ගුලි කරගන්න එපා..මිට දිගෑරලා බලද්දි ඒක පුලුන් ගුලියක් විතරක්ම වේවි.. හෙමීට ඇඟිලි තුඩෙන් දවට ගත්තම ඔය පිහාටුව ඔයාව දාල කොහෙවත් යන්නෙ නෑ.
හැබැයි ඉතින්, එහෙම කියල කොහෙන්දෝ පාවෙලා ඇවිත් ඇඟේ දැවටුනා වගේ,ජීවිතේට බරක් නොවෙන පිහාටුවට දිහාවත් නොබලා අහක බලන් ඉන්නද යන්නෙ?
බලාගෙනයි....පුංචි හුලඟකටත් ලේසියෙන්ම ගසාගෙන යාවි. ඔය ලස්සන කුරුලු පිහාටුව ඒ තරම්ම සැහැල්ලුයි...ඒ තරම්ම මටසිලිටුයි. ඒත් 'කුරුලු පිහාටුවක්' තරම්ම බරයි.ඒ බර වගෙම සැහැල්ලුවත් එක වගෙම සුන්දරයි.
ආදරේ ඒ වගෙයි...
ලියා එව්වේ - ජීවිතේ මල් (http://sansaare.blogspot.com)