Showing posts with label සජිත් රූපසිංහ. Show all posts
Showing posts with label සජිත් රූපසිංහ. Show all posts

Tuesday, August 2, 2011

නොමියෙන (මියැදුනු) පෙම

මාස ගානක් සීයට නොලිව්වත් ළඟදි ඇතිවුන සිදුවීමක් ආයිමත් මාව ලියන්න පෙළඹෙව්වා. මගේ පරණ පෝස්ට් එකක කිව්වා වගේ මගේ පලවෙනි ආදරේ අහිමි වෙලා දැනට අවුරුදු ගානක්. ඒත් මගේ හිතේ මමත් වැරදිකාරයෙක් කියන සිතිවිල්ල හැමදාම තිබුනා. ඒක නිවැරදි කරන්න පරක්කු වැඩි උනත් මොනවත් නොකරනවට වඩා මොනවාහරි කරන එක හොඳ නිසා පහුගිය 16 වෙනිදා තිබ්බ එයගේ උපන්දිනේට මම සුබපැතුවේ අඩුමගානේ මට ස්තූතියි කියලාවත් කියයි කියලා හිතාගෙන. ඒත් ඒ පිලිතුර මට තාමත් ආවේ නෑ. මම හිතුවා වගේම ඔයා මගෙන් ගොඩාක් ඈතට ගිහින් ඇති. මාව අමතක වෙන තරමටම. ඒත් මට ඔයාව අමතක නෑ. “First Love Newer Dies.” කොහේ හරි මම දැකලා තියනවා. මට තාම මතකයි.

ලියා එව්වේ - සජිත් රූපසිංහ

Tuesday, January 11, 2011

ප්‍රතිඵල !!!

"රිසල්ට් අවුට් වෙලා. බැලුවද..?"

"හ්ම්ම්ම්... S 3 විතරයි අම්මා..."

"මොනවද ළමයෝ කරලා තියෙන්නේ. අවුරුදු 13 ස්කෝලේ ගිහින් ඕකද ගත්ත ප්‍රතිඵලේ..."

"මම දන්නෑ අම්මා... මම පුලුවන්තරම් හොඳට විභාගෙ ලිව්වා. අපි රීකරෙක්ෂන්...."

අම්ම ෆෝන් එක cut කළා... ප්‍රතිඵල ගැන අම්මා හොඳටම අප්සෙට්... මටත් හොඳටම දුකයි... ටිකක් පිස්සු නැටුවා තමා. ඒත් මම පුලුවන්තරම් විභාගෙට මහන්සි උනා. ඒවුනාට ඒක මදි වෙන්නැති. මහන්සි වුන තරමටවත් ප්‍රතිඵල ආවනම් ටිකක් හරි සැනසීමෙන් ඉන්න තිබ්බා. අම්මා මං ගැන ගොඩාක් බලපොරොත්තු තියං ඉඳියා කියලා මම ඇත්තටම දැනගත්තෙ result out වුන දවසේ. දැං ඉතින් ඒක ගැන හිතලා මොනවා කරන්නද... මට සමාවෙන්න අම්මේ.. ඉස්සරහටවත් මම අම්මාගේ බලපොරොත්තු නොකැඩෙන විදියට වැඩ කරන්නම්...


ලියා එව්වේ - සජිත් රූපසිංහ

Tuesday, December 7, 2010

ප්‍රථම ප්‍රේමයේ අවසන් මොහොත

"කෙනෙක් ඈත්වෙන්න හදනවානම් එයාට යන්න දෙන්න. ඒ වගේම කෙනෙක් රැඳෙන්න හදනවනම් එයාට රැඳෙන්න දෙන්න."

අපි දෙන්නා වෙන්වෙන දවසේ ඔයා මට අන්තිමට කිව්වේ මේක.

"ඔයා ආයිත් මගේ ළඟට එනවද?"

මම එහෙම ඇහුවට ඔයාගෙන් ඒකට උත්තරයක් ලැබුණේ නෑ. ඔයා මගෙන් ඈත්වුණේ ඇයි කියලා අදටත් මම කල්පනා කරනවා. මගෙත් වැරදි ඇති. ගොඩාක් මිනිස්සුන්ට වගේ මටත් දෙයක් නැතිවෙනකල්ම ඉන්නවුණා ඒකෙ අගය තේරුම් ගන්න. අවුරුදු ගාණක්ම හිතේ හිරකරන් ඉඳපු හැඟීම තමා මේ එළියට දාන්නේ. ඔයා ආයිමත් මගේ ළඟට එන්න කියලා මට කියන්න බෑ. ඔයාට කියලා දැන් ඔයාගෙම ලෝකයක් ඇති. මට ඒ ලෝකෙ කිසිම ඉඩක් නැතුවත් ඇති. ඒත් ඔයා ආයිමත් මගේ ළඟට එනකන් මම බලාගෙන ඉන්නවා.

ලියා එව්වේ - සජිත් රූපසිංහ

Friday, October 22, 2010

ආ.ද.ර.ය.

“ආ.ද.ර.ය.” තේරුමක් නැති අකුරු හතරක්. මම කියන දේට කීදෙනෙක් එකඟ වෙයිද දන්නෑ. අපිට ඕනම වචනයක් ඇහුවම මතක්වෙන වස්තුවක් හෝ ක්‍රියාවක් තියනවා. නමුත් ආදරය කියන වචනයට එහෙම මතක්වෙන වස්තුවක් තියනවද.? කවුරුහරි කිව්වොත් මට මතක්වෙන කෙනෙක් ඉන්නව කියලා ඒ මතක්වෙන කෙනාටත් නමක් තියනවා නේද.? එයාට අපි විශේෂයෙන් "ආදරය" කියලා කියන්නෑනේ. ඒක නිසයි මම කිව්වේ ආදරය කියන්නෙ වචනයක් නෙවෙයි කියලා. ඒක හැඟීමක්. අපිට තේරුම් කරන්න බැරි හැඟීමකට අපි වචනයක් දාල තියනවා ආදරය කියලා. නමුත් ඒ වචනෙ පස්සේ ගිහින් කී දෙනෙක් අතරමං වෙනවද. ඒනිසා වචනේ පස්සෙ යන්නෙපා. හැඟීම පස්සේ යන්න. හැඟීම තේරුම් අරන් ආදරය කරන්න. ඒක වචනයෙන් විස්තර කරන්න බැරි තරම් සුන්දර දෙයක් වේවි.

ලියා එවුවේ - සජිත් රූපසිංහ

Monday, October 11, 2010

001 මගේ පළමු බ්ලොග් ලිපිය

මට මුලින්ම බ්ලොගර් කෙනෙක් වෙන්න හිතුනෙ මරණෙගේ ෆේස්බුක් පොස්ට් දැක්කට පස්සේ. ඒ අසාව තවත් වැඩි උනා සිංහල බ්ලොග් අවකාශයේ පළකරලා තිබුන බ්ලොග්ස් කියවනකොට. කොහොම උනත් පාසලේ වැඩ සහ ටියුෂන් පන්ති නිසා ඒ ආසව ටිකක් යට ගියා.

ඒ සේරම ඉවර කරල නිදහසේ ඉන්නකොට තමා “100” බ්ලොග් සයිට් එක ගැන මරණෙගෙම පොස්ට් එක දැක්කෙ. මගෙ පළවෙනි බ්ලොග් ලිපිය 100 පොස්ට් කරන්න හිතුනෙ 100 අනිත් පැත්තට ගත්තම 001 නිසයි.

ඉතින් අද ඉඳන් ඉඩක් සහ ලියන්නට දෙයක් ලැබෙන හැම වෙලවකම බ්ලොග් ලිපියක් ලියන්න හිතගෙන ඉන්නවා. මගෙ ප්‍රාර්ථනාව 100වෙනි බ්ලොග් එකත් 100ටම ලියන්නයි. අද ඉඳන් මමත් බ්ලොගර් කෙනෙක් කියලා හිතෙනකොටත් ගොඩාක් සතුටුයි. එක අමුතුම හැඟීමක්.

ලියා එවුවේ - සජිත් රූපසිංහ

Related Posts Plugin for WordPress, Blogger...