ඔය නඩුකාර නෝන ඉන්නවනේ. උන්දැ වැඩේ අතෑරියෙම නෑ. ලොක්කයි සොක්කොයි එක්ක කොක්කටමයි උන්නෙ.
අන්තිමේදි සමස්ත ලංකා කාන්තා එකමුතුව සංවිධානයේ නෝනල නඩුකාර නෝන වෙනුවෙං පාරට බැස්ස. එතන ගිණි විජ්ජුම්බරයක් වුණේ. ඇයි උන්දලට පොලුවලිං ගහන්ටයැ.
අන්තිමේදි දොදොල් මූණක් තියෙන ඇමතියෙක් යෝජනාවක් ගෙනාව කාන්තාවො තහනං කොරන්ට ඕන කියලා. ලෝකෙ තියෙන හැම ප්‍රස්ණෙටම මුල කාන්තාවොය කියල ඔප්පු කොරන්ට ආණ්ඩුවට මහ ලොකු කාලයක් ඕන උණේ නෑ.
අන්තිමේදි කාන්තා තහනම් පනත පාර්ලිමේන්තුවෙදි කැහිල්ලක් නැතිව සම්මත කොරගන්ටත් උන්දලට පුළුහං උණා.
ගෑණුංට නිසි තැන දුන්නයින්නෙ සේරම. දැන් කාන්තාවො ඉන්නෙ රති කෙලියටයි ළමයි වදල හදන්ටයි විතරයි.
ගෑණුංව පිරිමි කොරන්ට බෑ තමා ඒත් චුත කරන්ට පුළුහං!
ලොක්කයි සොක්කොයි සව්දිය පිරුවා.
ලියා එව්වේ - hare :-)