සරත් මිලදීගත් අත් ට්‍රැක්ටරයේ වන්දනා ගමන අරඹා පැය කිහිපයකි, ගමන ආරම්භයේ සිටම සුරතල් පුතු පාසැලෙන් ඉගෙන ගත් නොයෙක් කවි ගායනා කල අතර දියණියද ඔහුගේ සහයට ඉදිරිපත් විය. තොර තෝංචියක් නැතුව තෙපලන බිරිඳගේ මියුරු වදන් රිය පැදවීමේ වෙහෙස නිවාලීය.
සමරසිංහ මහතාගේ බිරිඳ සිටියේ තම අසුන ඉදිරියේ ඇති කුඩා තිරයේ විකාශනය වන හින්දි චිත්‍රපටියේ නළුවාගේ දුක බෙදාගනිමිනි. දියණිය ජංගම දුරකතනයෙන් අන්තර්ජාලය හරහා ලෝකය පුරා විසිරී සිටි මිතුරු මිතුරියන් සමග සතුටු සාමීචයේ යෙදෙමින් සිටියාය. පුතා පරිගනක ක්‍රීඩාවක මාරාන්තික සටනක නියැලෙමින් සිටියේය. තව නොබෝ වෙලාවකින් ඔවුන් නවාතැනට ළඟාවනු ඇත. තම සුඛෝපභෝගී රථය පදවමින් සිටි ඔහුගේ තනියට සිටියේ වායුසමනයෙන් නිකුත් වන සිහිල් වායු දහරා පමනි.
ලියා එව්වේ - නිෂාන්
Showing posts with label වෙනස. Show all posts
Showing posts with label වෙනස. Show all posts
Friday, April 5, 2013
Wednesday, April 25, 2012
වෙනස් වෙයන්
අපිට තේරෙනවා උඹල අසරණයි කියල..
අපි දන්නවා උඹලට වෙන කරන්න දෙයකුත් නෑ කියල..
නැත්නම් අපි අපිට වෙන අසාදාරණයට විරුද්දව අපි කතා කරද්දී
උඹල අපිට වෙඩි තියයිද
උඹලා අපිට කදුළු ගෑස් ගහයිද
අපි දන්නවා ඒ අසාදාරණය උඹලටත් වෙනවා කියලා
අපිට තේරෙනවා උඹලගේ දුක..
ඔව් උඹල අසරණයි..
ඔව් උඹල අපිට වඩා අසරණයි
උන්ට වැඩක් නෑ අපි මොනා කලත්
අපි කොහොම ජිවත් උනත්
ඒ වගේම තමයි උන්ට උඹලවත් වැඩක් නෑ...
උන්ට ඕනේ සල්ලි සැප වාහන තරු පහේ හෝටල් වලින් කෑම
අපිට කන්න තියනවද කියන එක උන්ගේ ප්‍රශ්නයක් නෙවේ
කොටින්ම අපි ජිවත් වෙනවද කියන එකත් උන්ට ප්‍රශ්නයක් නෙවේ...
ඉතින් වෙනස් වෙයන් උඹල යන පාරෙන්...
ලියා එව්වේ - MaRLaN (http://wenasak.blogspot.com/)

Monday, October 3, 2011
මේ පාර වෙනසක් කරමු!
ආයෙත් හිනා මූණු තාප්ප වල. පලාතම ආයෙත් වෛවර්ණ වෙලා. එක එක හිනාවල් දාපු පෝස්ටර් තාප්ප ප්ලාස්ටර් කරන්න අරන්.
දැන්නං කාට දුන්නත් වෙනසක් නෑ...
වෙනසක් කරනවා කියාගෙන ඇතුලට යන උනුත් කරන්නෙ හිටපු උන් කරපු ටිකමයි.
පොඩි කාලෙකට අපට හිතෙනවා අපි ආයෙත් රැවටිලා කියල.
ඒත් ඊලඟ වතාවෙ වෙන්නෙත් ඒකමයි.
දැන් ඉතිං එක්කො ඔය දෙන එක ගැන නොහිත ඉන්න ඕන.
නැත්තං ඕන එකෙක්ට දුන්නට වෙනසක් නෑ.
පාට වෙනස් වුණාට ඔය කොයිකත් එකම ජාතියෙ.
.............................
මම ඔහොම හිත හිත ඉන්න අතරෙ ගමෙන් ඡන්දෙ ඉල්ලන පොර ආව කොල්ලො ටිකක් එක්ක කොල මිටියකුත් අරගෙන.
"මල්ලි මේ පාර වෙනසක් කරමු නේද?"
පොර කිව්වා.
"හරි අයියෙ කරමු."
මම කිව්වා.
ලියා එව්වේ - hare :-) (http://www.hartstuff.com/)

Subscribe to:
Posts (Atom)