Showing posts with label තරු. Show all posts
Showing posts with label තරු. Show all posts

Monday, December 27, 2010

මරු වැයික්කිය හෙවත් Area No One

පොපියන තොලුත් ගැටෙමින්
සැලෙන හඬ නෙමේ ඒ
පිට පුරා උණුසුම්
ප්‍රථම හාදුවෙහි පහස
මට දැනී
ගුණ වැනී

සිතපුරා විඳින රස
සියොළඟම හිරිවැටී
උච්චතම මොහොත ළඟ
හුජ්ජ පොදකින් තෙමී
විසුරුවා හැරුනි

කුඩේ කලු කුඩේ කුඩු
හිටි තැනුත් සින්නවී
මුදු පොලු පහස යස
පිට පලාගෙන
පපුවටම වැදී

සිහිනයේ ඇහැරී
සිසාරා වටපිට
හුරුබුහුටි කුටියක තනිව
අප වැනිමවුන් සමඟ
"අපේම ලොවක අපි
පෙම් කෙරුම ඇරඹී"
මට කෙඳිරි ගෑවී

රෝමියෝ, ජුලියට්
පණ හිටන් දීලා
මේව නම් මොනවද
එකෙකුත් කොහෙන් කියලා
එහෙයි නොකියමුද සිතුනි?

පත්තරෙත් දාලා
ටීවී එකෙ දැක්කා
අපේ සෙල්ලම්
අපිත් තරු ඇඬුනි

කාකි සිරි විඳිමින්
ජාතකය කියමින්
එකින් එක
විටින් විට
ගනිමු පොලු සොඳුරී


ලියා එව්වේ - තිළිණ මධුශංඛ (http://www.sondurusithuwam.blogspot.com/)

Thursday, September 30, 2010

අපේ ආදර කතාව


වෙරළේ මාළිගා හදන ගමන්, තෙරක් නොපෙනෙන සයුර දිහා බලාන මම හිතුවේ අපේ ආදරය සදාකාලිකයි කියලා. රෑට ආකහේ එකින් එක මතු වෙන තරු අස්සේ ඔයාගේ ඇස් දෙක හොයන ගමන් මම හිතුවේ ඔය ඇස් මගේ විතරමයි කියලා. ඒත්, ඔයාට බැරි වුණා අහසේ තරු… වෙරළේ රළ තරමට තියා පුංචි වැලි කැටයක් තරම්වත්
මට ආදරය කරන්න…

ගිණි මද්දහනක අරක්කු බීලා ඇවිද්ද, මතින් ඔළුව බර වෙලා මෙලෝ අරමුණක් නැතුව එහාට මෙහාට වැනි වැනී ජීවිතේ අරමුණක් හොයාගෙන ගිය වෙලාවක දුම් දාන බයිට් පිඟානක් වගේ මගේ ජීවිතේට ආපු ඔයා මට අරමුණක් උනා. ඒත් ඇල්කොහොල් වලින් මත් වෙච්ච, බෝතලේකටත් වඩා මගේ හිතේ ඔයාට තිබ්බ ආදරේ ඔයාට තේරුණේ නෑ.

ලියා එව්වේ -  Ansh Lucky Sri Jay (http://mitiyaawatha.blogspot.com/)
                                                      සහ 
                      ම (http://maranaya.blogspot.com) 

Related Posts Plugin for WordPress, Blogger...