යාළුවො දෙන්නෙක් බස් එකේදි සෙට් වෙලා ආගිය තොරතුරු එක්ක බර කතාවක්.
“මොනව වුණත් ජිනීවා කේස් එකේදි ඉන්දියාව ලංකාවට කොකා පෙන්නුව එක හෙන චාටර් නේද බං?”
"අනේ මමනං ඕව ගැන ඒ තරං උනන්දු නෑ බං. කොහොමත් අන්තිමට කොකා පේන්නෙ අපටනේ..."
“එහෙම කියන්න එපා... උඹේ ජීවිතේ මෙහෙයවන දේශපාලනය ගැන සවිඥ්ඥාණික වෙයන්. දේශ ද්‍රෝහියෙක් නොවී...”
“අනේ මන්ද.. මේ විඥ්ඥාණෙ නොතිබුණනං ඔන්න ඔහේ මුකුත් කල්පනා නොකර ඉන්න තිබුණා.”
"උඹලත් ඉන්දියාවෙ උන්ට හපන්. මටනං දැන් ඔකුංව පේන්න බෑ. හම්පඩ ඉන්දියන් කාරයො"
යාළුව දිගටම ඉන්දියාවට බණිනව.
ඔය අතරෙ පොඩියට බුදු පිළිමයක් පහුවෙනව. ඉන්දියන් කාරයන්ට බැනපු යාළුව පස්ස පොඩ්ඩක් උස්සනව.
මොහොතකට පස්සෙ අනිත් යාළුවට හිනාවක් යනව.
“හික්ස්”
ලියා එව්වේ - hare :-)
Showing posts with label භක්තිය. Show all posts
Showing posts with label භක්තිය. Show all posts
Friday, April 6, 2012
Monday, February 13, 2012
බූරු අධ්‍යක්ෂගේ සිහින රූප රාමු
ඔන්න මුලින්ම පේන්නෙ රතු, ලේ නහර ඉදිමුණ ඇහැක්... තිරය පුරාම...
දර්ශනය ක්‍රමයෙන් සූම් අවුට් වෙනවා... දැන් ඇස් දෙකම...
යක්ෂ මූණක් තියෙන මිනිහෙක්...
මිනිහ හති අරිනවා... කටින් කෙල බේරෙනවා....
කැමරාව ටිකෙන් ටික මිනිහගෙන් ඈතට යනවා...
මිනිහ ඉන්නෙ සුදු අත්දිග කමිසයක් ඇඳගෙන... ඒක පුරා ලේ... සුදු සරමෙත් ලේ. ඒක කැහැපටකවාගෙන කරේ දාන සාළුවත් ඉන වටේ බැඳගෙන...
මිනිහගෙ අතක ලේ පෙරෙන කඩුවක්...
කැමරාව ඈතට...
මිනිහ ඉදිරියෙ අතපය, බෙලි කපල මරල දාපු මිනී කන්දක්...
මිනිහ කෑ ගහනවා...
“අඩෝව්... එකෙක් අත තිබ්බොත් බාවනවා. මේව අපේ මුතුන්මිත්තන්ගෙන් ලැබුණු දායාද..”
තිරය අඳුරු වෙන්න කලින් මිනිහට පිටිපස්සෙන් තියෙන පොදියක් පේනවා...
මිනිහ ඒවට අරක්ගත්තු භූතයෙක්....
ඒ භක්තියේ සංකේත ටිකක්!

Subscribe to:
Posts (Atom)