ලෝකෙම ප්‍රසිද්ධ මහා ප්‍රාඥයෙක් කවියක් ලිව්වා.
ඒක හරිම සංකීර්ණයි. බැලූ බැල්මට නිකංම නිකං නොගැලපෙන වචන ගොඩක් විතරක් වුණාට ඒ කවි පේලි අතර හිතාගන්න බැරි ගැඹුරක් තිබුණා.
හැමෝම කවිය ගලපගන්න උත්සාහ කලා. කවිය ගැන එක එක මත හැමදාම එක එක විචාරකයො ලිව්වා.
“ඒක බොහොම හොඳ කවියක්.”
පත්තර වලින් ඒ කවියෙ කෑල්ලෙන් කෑල්ල වර්ණනා කලා. ඒ වුණාට ඒ ටක්කෙටම විශ්වාසෙ පිට නෙවෙයි. කාටවත් කවිය තේරිල තිබුණෙ නෑ. ඒත් හැමෝම ඒක ගැන හොඳ කිව්වා.
සති කීපයක් වෙරිමතින් හිටපු ප්‍රාඥයා එකපාරම ඇහැරුණා. මිනිහ දැක්ක හැමෝම තමන් ගැන කියවන්න අරන් විත්තිය. මිනිහ බැලුවා කවිය දිහා...
“අහ්... මේකෙ අර්ථය තේරෙන්න උවමනාම වචන පේලිය මම ලියල නෑනේ...”
ලියා එව්වේ - hare :-) (http://living.hartstuff.com/)
Showing posts with label කවියා. Show all posts
Showing posts with label කවියා. Show all posts
Saturday, June 4, 2011
Wednesday, January 12, 2011
Definition නැති කවි...
ඔව්! මා ඒ සියල්ල පල කරමි...
කියවන උන් කියෙව්වාවෙ...
නොකියවන උන් නොකියවපුවාවෙ...
මගේ කවියට ප්‍රසිද්ධ හැඩයක් නැත...
සමචතුරස්‍ර , වෘත්ත, ත්‍රිකෝණ තුලට මගේ කවි එබ්බවිය නොහැක..
කවිය හැඩයක් නැති වචන පෙලකි...
හැඩය ඒ තුලම වන වචන පෙලකි...
මම ඒවා යතුරු පුවරුවේ කොටා දමමි...
නිකංම නිකං බ්ලොගයක ඒවා නිකංම නිකං පල කර දමමි...
එකම සිතිවිල්ල වචන ගොඩකින් කියා මම එකම සිතිවිල්ලට කවි ගණනක් පබදිමි...
කවි රැසක් ලියාලමි...
නම් දැරූ කවියන් කියවා මා නොකියවන්න...
මගේ කවි ඇත්තේ මගේ හැඩයෙනි...
ඔව්...
මම මගේ මනෝ විකාර සියල්ල කවි කරමි...
කවියකු වීම ජීවිතේ තරම්ම අපහසු නැත...
කවියට definition නැත.
එබැවින් මටද පහසුවෙන් කවියකු විය හැක...
ලියා එව්වේ - h (http://living.hartstuff.com/)
Subscribe to:
Posts (Atom)