ඔය නඩුකාර නෝන ඉන්නවනේ. උන්දැ වැඩේ අතෑරියෙම නෑ. ලොක්කයි සොක්කොයි එක්ක කොක්කටමයි උන්නෙ.
අන්තිමේදි සමස්ත ලංකා කාන්තා එකමුතුව සංවිධානයේ නෝනල නඩුකාර නෝන වෙනුවෙං පාරට බැස්ස. එතන ගිණි විජ්ජුම්බරයක් වුණේ. ඇයි උන්දලට පොලුවලිං ගහන්ටයැ.
අන්තිමේදි දොදොල් මූණක් තියෙන ඇමතියෙක් යෝජනාවක් ගෙනාව කාන්තාවො තහනං කොරන්ට ඕන කියලා. ලෝකෙ තියෙන හැම ප්රස්ණෙටම මුල කාන්තාවොය කියල ඔප්පු කොරන්ට ආණ්ඩුවට මහ ලොකු කාලයක් ඕන උණේ නෑ.
අන්තිමේදි කාන්තා තහනම් පනත පාර්ලිමේන්තුවෙදි කැහිල්ලක් නැතිව සම්මත කොරගන්ටත් උන්දලට පුළුහං උණා.
ගෑණුංට නිසි තැන දුන්නයින්නෙ සේරම. දැන් කාන්තාවො ඉන්නෙ රති කෙලියටයි ළමයි වදල හදන්ටයි විතරයි.
ගෑණුංව පිරිමි කොරන්ට බෑ තමා ඒත් චුත කරන්ට පුළුහං!
ලොක්කයි සොක්කොයි සව්දිය පිරුවා.
ලියා එව්වේ - hare :-)
Showing posts with label දේශපාලනය. Show all posts
Showing posts with label දේශපාලනය. Show all posts
Monday, January 21, 2013
Wednesday, April 25, 2012
වෙනස් වෙයන්
අපිට තේරෙනවා උඹල අසරණයි කියල..
අපි දන්නවා උඹලට වෙන කරන්න දෙයකුත් නෑ කියල..
නැත්නම් අපි අපිට වෙන අසාදාරණයට විරුද්දව අපි කතා කරද්දී
උඹල අපිට වෙඩි තියයිද
උඹලා අපිට කදුළු ගෑස් ගහයිද
අපි දන්නවා ඒ අසාදාරණය උඹලටත් වෙනවා කියලා
අපිට තේරෙනවා උඹලගේ දුක..
ඔව් උඹල අසරණයි..
ඔව් උඹල අපිට වඩා අසරණයි
උන්ට වැඩක් නෑ අපි මොනා කලත්
අපි කොහොම ජිවත් උනත්
ඒ වගේම තමයි උන්ට උඹලවත් වැඩක් නෑ...
උන්ට ඕනේ සල්ලි සැප වාහන තරු පහේ හෝටල් වලින් කෑම
අපිට කන්න තියනවද කියන එක උන්ගේ ප්රශ්නයක් නෙවේ
කොටින්ම අපි ජිවත් වෙනවද කියන එකත් උන්ට ප්රශ්නයක් නෙවේ...
ඉතින් වෙනස් වෙයන් උඹල යන පාරෙන්...
ලියා එව්වේ - MaRLaN (http://wenasak.blogspot.com/)

Friday, April 6, 2012
ඉන්දියන් කාරයෝ
යාළුවො දෙන්නෙක් බස් එකේදි සෙට් වෙලා ආගිය තොරතුරු එක්ක බර කතාවක්.
“මොනව වුණත් ජිනීවා කේස් එකේදි ඉන්දියාව ලංකාවට කොකා පෙන්නුව එක හෙන චාටර් නේද බං?”
"අනේ මමනං ඕව ගැන ඒ තරං උනන්දු නෑ බං. කොහොමත් අන්තිමට කොකා පේන්නෙ අපටනේ..."
“එහෙම කියන්න එපා... උඹේ ජීවිතේ මෙහෙයවන දේශපාලනය ගැන සවිඥ්ඥාණික වෙයන්. දේශ ද්රෝහියෙක් නොවී...”
“අනේ මන්ද.. මේ විඥ්ඥාණෙ නොතිබුණනං ඔන්න ඔහේ මුකුත් කල්පනා නොකර ඉන්න තිබුණා.”
"උඹලත් ඉන්දියාවෙ උන්ට හපන්. මටනං දැන් ඔකුංව පේන්න බෑ. හම්පඩ ඉන්දියන් කාරයො"
යාළුව දිගටම ඉන්දියාවට බණිනව.
ඔය අතරෙ පොඩියට බුදු පිළිමයක් පහුවෙනව. ඉන්දියන් කාරයන්ට බැනපු යාළුව පස්ස පොඩ්ඩක් උස්සනව.
මොහොතකට පස්සෙ අනිත් යාළුවට හිනාවක් යනව.
“හික්ස්”

Sunday, February 6, 2011
භීෂණයේ දවසක්
"සමීර...! වරෙන් යන්න....!"
"කොහෙද....?"
"කොහෙද....?"
"නැගිටපන්.... ද්රෝහියෙකුට පාඩමක්....."
"මට බෑ... කමල්ව එක්ක පලයන්....."
"අද උඹේ වාරේ..."
"කවුද.....?"
"ප්රාදේශීය සභාවේ සභාපති...."
“දෙයියනේ... විලියම් බාප්පා.... මට බෑ යකෝ...!”
"උඹ දිව්රලා තියෙන්නෙ ව්යාපාරය වෙනුවෙන් තාත්තට හරි කොකා ගස්සනවා කියලා.... ගනින් තුවක්කුව..."
...............................
ටක්.. ටක්.. ටක්...
"කවුද....?"
"අපි පොලීසියෙන්, ඇරපන් දොර.... නැත්නම් කඩනවා..."
ක්රීස්.......!
"උඹව තමයි අපිට ඕනෙ... වරෙන් එළියට... සමීර ගනින් මූව..."
"අනේ මගේ පුතා බාප්පට මුකුත් කරන්න එපා....."
"සුනිලා නැන්දේ දොර වහගන්න......."
“ඩෝං.........!!!!!”
"දෙයියනේ, පුතේ උඹේ පෙකණි වැල කැපුවෙ මගේ මේ අත් දෙකෙන්.... උඹේ අම්ම නැති උන වෙලේ උඹට කිරි දුන්නෙ මගේ තනෙන්..... උඹ ඇයි මගේ මිනිහව මැරුවේ...?"
“මට සමාවෙයන් මගේ අම්මේ....”
“ඩෝං...”
“සමීර.....!!!!!!”
Subscribe to:
Posts (Atom)