Wednesday, June 1, 2011

මූණේ ලස්සන හදවතේ නැත්නම්..

හදිස්සියේ මාව මුණගැහෙන්න වුවමනායි කියපු නිසා ගියා ශාන්ලගේ ගෙදර.
" බලපන් මචං ශාමි මාව දාලා ගියා. මාව එයාට බෝරිංලු. පහුගිය ටිකේම අපි අතර ප්‍රශ්න තිබ්බා"
 එහෙම කියලා කතාව පටන් ගත්ත එකාගේ හිතේ තිබ්බ දුක පැය 3,4ක් තිස්සේ දොරේ ගැලුවා.
"උඹට කිවනේ එකී හරියන්නේ නෑ උඹට.ඒකිගේ මූණ ලස්සන වුනාට හදවත එහෙම නෑ බං. ඒකිගේ ලස්සනින් ඒකි කොල්ලෝ නටවනවා". 
"ඒක තමයි බං මට ඒකි ගැන දුක. ලස්සන තියෙනකම් ඒකි ඔය සෙල්ලම කරයි. ඒත් ලස්සන නැතිවෙන කාලෙකට කව්ද ඒකිව ආදරෙන් බලාගන්නේ "
 කඳුළු පිරිච්ච ඇස් පිහින ගමන් මගේ මිත්‍රයා ඇහුවා. රතු වෙච්ච ඒ ඇස්දෙකේ ඇය  වෙනුවෙන් තාමත් ආදරය පිරිලා ඉතිරිලා තියනවා මම දැක්කා.

ලියා එව්වේ - ගොඩයා (http://mamagodaya.blogspot.com/)

9 comments:

  1. True... very true. This is something most of the (physically)beautiful girls fail to understand.

    When they finally understand, it's too late.

    ReplyDelete
  2. "ඒත් ලස්සන නැති වෙන කාලෙක කව්ද ඒකිව ආදරෙන් බලාගන්නේ.."
    ඔන්න කොල්ලන්ගෙ ආදරේ....

    ReplyDelete
  3. ලස්සන කියන එක ලැබෙන්නෙ "පින" තියෙන නිසා, බුද්ධිය කියන එකත් එ හා සමානයි, සමහර උදවිය එක දන්නෙ නෑ, දන්නෙනැති කමටම අර පින ඉවරවෙන තරමටම වැඩ කරනවා.

    ReplyDelete
  4. කමෝන් ගොඩයා, කීප් ඉට් අප්. ඔහොම යනකොට මේව කියෝන කෙල්ලෙක් වත් සෙට් වෙන්න බැරි නැහැ.

    ReplyDelete
  5. @ සාතන් :)

    yaa.... it is true. but i think it is not applying to all the girls.

    @ තාරක - සහෝ මේක මට හිතුන දෙයක්. ඇත්ත ජිවිතේ නම් ඔහොම හිතන කොල්ලොත් මම හිතන්නේ බොහොම හිඟයි.....

    @ මුදිත - මට හිතෙන්න ලස්සනට වඩා මොලය කියන එක ලැබෙන්න පින් කරන්න ඕනේ. මොකද කොච්චර ලස්සන වුනත් මොලේ නැති වැඩ කරද්දී ඒ ලස්සනෙන් සත පහක වැඩක් නෑ

    @ ඔබා මාමා - හේ හේ හේ... මේවා ලියලා කොහෙද මාමා කෙල්ලෝ සෙට් වෙන්නේ ? මට වචන සීයෙන් අදහසක් ලියා ගන්න පුලුවන්ද කියලා ට්‍රයි කරන්න ඕනේ වුනා. ඉතින් මෙච්චර කාලෙකට ආදරේ ගැන ලියපු පළවෙනිම පෝස්ට් එක 100ට දාන්න හිතුනා. කොල්ලට සතුටුයි ලියපු එක පෝස්ට් වුනාට..... :)

    ReplyDelete
  6. අඩෝ . . . ගොඩේ . . . උඹ ලිවුව එහෙනං වචන සීය නේද . . . . එල එල . . .වැඩේ වගේම තමයි . . . . . . කියවෙන කතාවත් . . . සැටිපිකට් ඇත්ත . . . උඹ කියල තියන සීන් එකම මීට අවුරුදු ගානකට උඩදි සිද්දවුනා මම දන්න කෙල්ලෙක්ට . . . මිශෙල් රෙයිමර්ස් . . . කියන්න ඕනෙම නෑනෙ සීන් එක . . .

    ReplyDelete
  7. @ ඇන්ඩයියා.... හේ හේ හේ.... ඔව් ඔව් හැමදාම කියනවන එකේ පොඩි ට්‍රයි එකක් දෙන්න හිතුනා..... තෑන්ක්ය යූ.... මට නම් මතකයි සීන් එක. වැඩක් නෑ කතා කරලා ඒ කෙල්ල ගැන නම්.....

    ReplyDelete
  8. aiyyooooooooo oka mage nama nea :(

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...