Showing posts with label පිංකම. Show all posts
Showing posts with label පිංකම. Show all posts

Friday, July 15, 2011

ඇටෙන්ඩන්ට් ඇන්ටි!

කාන්ති ඇන්ටි පන්සලේ පිංකමට නාපු එකට කුලඟන සමිතියෙ ගෑණු සෙට් එකට පුදුම අමාරුවක්...

පොසොන් පෝය වෙනුවෙන් කුළඟන සමිතියෙන් සංවිධානය වෙන පිංකම ගමේ ඇන්ටිල සෙට් එක මුළු ගමෙන්ම එක දමාගන්න අවස්ථාවක්.

සහභාගි වුණ අය සහභාගි නොවුණ අයව කපල දාන්නෙත් වැඩේ යන අතරෙදි තමයි.

කාන්ති ඇන්ටි පහුගිය සතියෙම ලෙඩෙක් ගාව හිටියෙ. එයාගෙ රස්සාව ‍පෞද්ගලික උපස්ථායිකා. ලොකු ගානක් ගන්න බැරි වුණාට එයා ඒක සෑහෙන්න සතුටින් කරන රස්සාවක්.

ඒ ගැන දන්න නාලිනී ඇන්ටි විතරක් කාන්ති ඇන්ටිගෙ පැත්තට කතා කලා.

ඔහොම කතා කරන්න එපා බං. උඹල මොනවද දන්නෙ. කාන්ති ඉන්නෙ අර පාළම ළඟ ගෙදර ලෙඩා ගාව.

ඒකි කරන්නෙ අපි හැමෝම කරනවටත් වඩා පිං ලැබෙන වැඩක්.


ලියා එව්වේ - hare :-) (http://www.hartstuff.com/)

Tuesday, March 1, 2011

අභය දානය...

“ආ... කොහෙද මේ පෝය දවසෙ පාන්දරම?”
රවි මහත්තය සුපුරුදු හිනාවෙන් ඇහුවා...
“නිවාඩු දවසනේ... පොඩි ටුවර් එකක් දාන්න යනවා...”
“මාත් යනව මේ හන්දියෙ පන්සල පැත්තේ... අද උදේ ඉඳන් පිංකම්නේ..”
“හප්පා.... දැන් පංසලුත් යනවද?”
ආගමක් නොතිබුණ රවි මහත්තයගෙ කතාවට මම පුදුම වුණා...
“හපෝ නෑ... මම මේ පිං කරගන්න නෙවෙයි. මේ බැනර් හතරක් මදි වෙලා ඒව ප්‍රින්ට් කරල අරන් යනව. ලොකු හාමුදුරුවො ෂේප් එකේ තියාගන්න එපැයි”
රවි මහත්තය හිනා වෙවී අතේ තිබුණ බැනර් රෝලක් පෙන්නුව.
“ඒ මොකටද බැනර්?”
“අර සත්තු වත්තෙ හිටපු නාකි සිංහයො දෙන්නෙක් ගමට නිදහස් කරනවනේ... ඒකෙ බැනර්.... පොඩ්ඩක් පන්සල වටේ එල්ලන්න කියල”
“මොකක්? සිංහයෝ???”
“ඔව් ඔව්... සිංහයො තමයි... මේ තියෙන්නේ...”


ලියා එව්වේ - h (http://living.hartstuff.com/)

Related Posts Plugin for WordPress, Blogger...