වැඩිය මාත් එක්ක චැට් නොකරන එකෙක් චැට් එකේ...
---------------------------------------------
මචං උඹ තාමත් තුෂාරා එක්ක යාළුද?
ඒක නැවැත්තුවා බං.
(මං කෙටියෙන්ම උත්තර දුන්නේ දවස් දෙකකට කලින් තිත තියපු ආදරේ මතක් වෙනකොට තාමත් හිත රිදෙන නිසා)
එහෙනම් මට තුෂාරාගේ නම්බර් එක දීපංකෝ. මගේ යාළුවෙක්ට.
ඇයි බං එයාගේ නම්බර් එක මගෙන් ඉල්ලන්නේ? ඔය එයා ෆේස් බුක් එකේ ඉන්නේ. උඹේ එකවුන්ට් එකෙත් ඉන්නවනේ. ඉතිං ඇයි උඹ එයාගෙන් ඉල්ල ගන්නේ නැත්තේ? එයාගේ වැරැද්දක් නිසා මම අෆෙයා එක නවත්තපු ඇත්ත. එහෙමයි කියලා මම එයාගේ පෞද්ගලික දේවල් එක එක අයට කිය කියා ගියාම හරිද මචං? තරහා වෙන්න එපා බං උඹ එයාගේ නම්බර් එක එයාගෙන්ම ඉල්ලගනිං.
(ඌ ඕෆ්ලයින් ගියා)
ලියා එව්වේ - පූසා (http://sudupoosa.blogspot.com/)
Showing posts with label ෆේස්බුක්. Show all posts
Showing posts with label ෆේස්බුක්. Show all posts
Monday, April 16, 2012
Monday, March 12, 2012
යාලුවෝ
“හැමදාම පරක්කු වෙන්න එපා චූටිබේබි… ලොකුබේබි වගේ කොලීජිය ඇරුණ ගමන් ආවනම් මෙලහට අපි ගෙදර…”
සිරිදාස කියද්දී නංගී ඔලොක්කුවට හිනාවුණා…
“ලොකුබේබිට වගේද සිරිදාස මට… යාළුවෝ කීදෙනෙක්ද? සේරටම බායි කියලා එන්න එපැයි… අක්කට ඉන්නේ යාළුවෝ දෙන්නයි… සඳලියි නිම්ශයි… නිම්ශයි සඳලියි…”
නංගී මහහඬින් හිනාවෙවී කියද්දී සිරිදාස ඒ දිහා බැලුවේ මූණ නොරොක් කරන්…
“ඔන්න සිරිදාස..!!”
මම කෑගහද්දි පැත්තෙන් ආපු වාහනයක් අපේ වාහනේ හැපුනේ ඇසිල්ලකින්…
වාසනාවට කාටවත් තුවාලයක් නැහැ…
“බලනවකෝ මගේ ස්ටේටස් එකට යාලුවන්ගෙ කමෙන්ට්ස් ගොඩ..!”
අපි පොලිසියෙන් එනකල් වාහනයේ ඉන්න ටිකට නංගී අනතුර ගැන මූණුපොතෙත් දාලා…
මම දුකෙන් ඉවත බලාගනිද්දි අපේ වාහනේ ගාව ත්‍රීවීලරයක් නැවැත්තුවා...
කලබලෙන් එලියට බැස්සේ සඳලි..!
ඒත් එක්කම තව ත්‍රීවීලරයක් ආවා...
ලියා එව්වේ - බීට්ල් (http://akurublog.blogspot.com)

Wednesday, February 29, 2012
ලොස්ට් අයිඩෙන්ටිටි!
මම ජනප්‍රිය මනුස්සයෙක් නෙවෙයි. ඉස්කෝලෙදිවත්, ක්ලාස්වලදිවත්, කැම්පස් එකේදිවත්, රස්සාවට ආවමවත් මම විශේෂ කෙනෙක් වුණේ නෑ. බෝඩිමේ යාළුවත්, වෘත්තීය යාළුවො කීපදෙනෙකුත් ඇරුණම මට වෙන යාළුවොත් නෑ.
.........................
ඒත් මට ඒ නොහැකියාවට එහා ගිය කැපෑසිටියක් තියෙන බව මම දැනගෙන හිටිය. ඒ නිසාම මම දැන් වීරයෙක්... සුපර් හීරෝ කෙනෙක්... කවුරුත් මම කියන එකට එහා කතා කරන්න ආවෙ නෑ. මම කතා කරන්න ගත්තම ඔය හාල්පාරුවෙක් දෙන්නෙක් ඇරුණම වෙන කවුරුත් කටගහගෙන එන්නෙත් නෑ. ඒ නිසාම මට දැන් යාළුවො ගොඩයි. මම දැන් කණ්ඩායම් ගොඩක ඇක්ට්ව් මෙම්බර් කෙනෙක්... තව...
.........................
“උඹ තාම ඇහැරලද? වෙලාව පාන්දර 2.00යි. ඕකෙන් ලොගවුට් වෙලා ලයිට් නිවල බුදියගනිංකො.. වැඩ ඇරිල ආ වෙලේ ඉඳන් සෝෂල් නෙට්වර්ක්...”
ලියා එව්වේ - hare :-)

Labels:
hare :-),
අයිඩෙන්ටිටි,
බෝඩිම,
යාළුවෝ,
සෝෂල් නෙට්වර්ක්,
ෆේස්බුක්
Sunday, July 3, 2011
පාඩම
විශ්ව විද්‍යාලෙදී
කියලා දෙන දේවල් තේරෙන්නෙ නෑ, අද කරපුවා ගෙදර ගිහින් කරනවාමයි.
ගෙදරට යන පාර අතරමගදී
මහන්සියි. ටිකක් ඉඳලා කරනවා.
ගෙදරදී
ආපු ගමන් පාඩම් කරන්න බෑනේ. විනාඩි දහයක්, එෆ් බී පැත්තෙ යමු.
හැබැයි චැට් බෑ, ඊට පස්සෙ පාඩම්,..
ෆේස්බුකියෙදි
බලමු පොඩ්ඩක් ඔන්ලයින් කට්ටියව.. ඒත් චැට් බෑ,
චැට් එකේ
හායි, කෑවද,
පුංචි අම්මගේ දූ.....
එහෙමද?..
බෑ බෑ මොකක්ද මේ විකාරේ. අටයි, කාලාම පාඩම් කරනවා.
කෑම කාලා ඇවිත්
අරයගේ ෆොටෝ එක බලන්න බැරි වුනානේ, ෆේස්බුක් ටිකා....ක්
ආයෙමත් චැට්
හායි, දන්නවද වැඩක්..
අරමළු... මෙහෙමළු.. බායි...
හපොයි.. 10යි, දැන් මොන පාඩම්ද?
මේක කරන්න බෑ.. මෙහෙම හිටියොත්.....
නෑ.... නෑ .....
හෙට ඉදන් නම් අනිවාර්යෙන් කරනවාමයි.
ලියා එව්වේ - ප්‍රාර්ථනා(http://prarthana-nimnaya.blogspot.com/)

Subscribe to:
Posts (Atom)