කන්‍යාරාමයේ සයිප්‍රස් ගස් අතරින් මතුවුණු ඒ තෙත ඇස් රහසින් රසවිඳ අවසන මම ඇයට සමාන්තරව ගමන් කලෙමි.
"ජොඈන් ඇයි කලබලෙන් වගේ"
"හෙට පල්ලියේ විෂේශ පූජාවක් තියෙනවා ඒකට ලැහැස්ති වෙන්න ඔනි"
"පූජාවට මමත් එන්නද?"
"හා" ඒ තෙත ඇස් සිනාසුනි
"පූජාවෙන් පස්සේ මට කතා කරන්න ඔනි.. ඔයා ආසම මල කියන්න"
"සුදු රෝස"
ඇයට සමුදී පසුදින දේවමෙහෙයට නුවුම් රෝස මල් මිටක් ඇතැතිව ගියෙමි. කෙසේ හෝ සිතේ වු සෙනෙහස ඇයට අද කිව යුතුමය.
ගීතිකා නද මැදින් පල්ලියේ උස් දොරපියන් අතරින් ගොස් පසුපස අසුන් ගතිමි.. මම පල්ලියකට ආ පළමු දිනය අදයි.
රෝස මල් මිට ගිලිහි වැටුණි.. කන්‍යා සොයුරියක් ලෙසින් සැරසී අල්තාරය අසල ඇය දෙවියන් යදිමින් උන්නාය..
ලියා එව්වේ - සුදු හංසී (http://kaveej.blogspot.com/)
'Oh..Shit..'අවස්ථා කියන්නෙ මේවට තමා.
ReplyDeleteදුක තම, මොනවා කරන්නද ;)
ReplyDeleteසමහර දේවල් එහෙම තමයි.
ReplyDeleteඅන්තිම මොහොතෙදි .... අපෙන් ගිලිහිලා යනවා.
ජිවිතේ කියන්නේ ඒකටලුනේ.
අපරාදෙනේ... අපායට ගියත් කලින් යන්න එපැයි!
ReplyDeletejeewethe dukathamai nuba maa sathuwennathi nam
ReplyDelete