Showing posts with label නිෂානි. Show all posts
Showing posts with label නිෂානි. Show all posts
Friday, September 21, 2012
වනලැහැබ අසබඩ විල්තෙර
සඳවතිය සිල්ගත් රැයක වන ලැහැබක් අසබඩ විල් තීරයක තනිවුනෙමි.
චන්ද්‍රකාන්තියෙන් ආලෝකමත් වන ලැහැබ නෙක දසුන් මවයි. වන මෘගයින් නිදනා හෝරාවේ මුවන් සාවුන් විල් තීරයේ වැතිර සඳ එළිය ස්නානය කලෝය.
ස්වර්ණ හංසයින් විල්දිය මත පිහිනා සතුටු වෙති. රුදුරු යැයි සම්මත වන මෘගයින්ද නිසල හොරාවේ වැඳිරියන් හා රමණයේ යෙදෙන සර්පයෙකුද විල්තෙරෙහි සතුටු වන සිව්පාවුන්ට සමච්චල් කරද්දී සාවුන් මුවන් අසරණව බලා සිටියෝය. ඒ දර්ශණය සිව්පාවන්ට විකාරයක් වුවා සේම අප්‍රිය ජනක විය.
රැය ගෙවා දමමින් සඳවතිය වියැකෙද්දි, අවිහිංසක සිව්පාවුන් වන ලැහැබේ සැඟවී ගත්තේය. වන මෘගයින් විල් තෙරට බට කල වැඳිරියන් පලා යත්ම, මාන බලමින් සිටි උකුස්සෙකු සර්පසා ඉලක්කර කර ඊයේ වේගයෙන් විල්තෙරට පහත් විය.
ලියා එව්වේ - නිෂානි
Subscribe to:
Posts (Atom)