“මචං අරුණ කොල් එකක්”
මම දුරකතනය ළගට ගියා එහා පැත්තේ මගේ අසල්වැසියා.
“ඔව් මිස්ටර් පෙරේරා ඇයි හද්ස්සියේ”
“මිස්ටර් අරුණ කලබල වෙන්න එපා ඔයාගේ ගේ ගිනි අරන්”
“මොනවා...... අමාට මොකද එයා හොදින්ද..”
“අමා හොදින්.. කට්ටිය ඇවිත් නිවනවා...”
“මම දැන්ම එන්නම්”
වරු නිවාඩුවක් අරන් මගේ මොටර් බයිසිකලේට නැගුනා. මොහොතකින් දුම් ජාලාවකින් වැසුණු අවුරුදු ගණනක් තනිවම වෙහෙසිලා හදාගත්ත මගේ ගෙපැල ලග.
“අනේ අරුණ...” හැඩුම්බර මුහුනින් ආවේ මගේ බිරිද..
“අමා ඔයා හොදින් නේද...මොකක්ද සිද්ද වුනේ..”
“අනේ අරුණ.. හැමදාමත් ඔයා උයන නිසා මම හිතුවා අද උයන්න.. ටී වී එකේ ලයිව් කුකින් සෙග්මන්ට් ඒකක් බලාගනෙ උයද්දි... ඇඩ්වර්ටීස්මන්ට් යන අතරේ ගෑස් එක පිපිරුවා..
“හපොයි දෙවියනේ” මට කියවුනා
ලියා එව්වේ - සුදු හංසී (http://kaveej.blogspot.com/)
වරද්ද වරද්ද තමයි හැමදේම ඉගෙන ගන්න ඕනෙ. හික් හික් හික්....
ReplyDeleteහපොයි......
ReplyDeleteහපොයි දෙවියනේ :D
ReplyDeleteහපොයි බොල..
ReplyDeleteඅක්කිට වෙච්චි දෙයක්මද මංදා :P
ReplyDeleteමලා...... අනේ ගෙට වියදම් කරපු සල්ලි.........
ReplyDeleteදැන්....මේ ගෙදර කලිසන් අඳින්නෙ කව්ද?
ReplyDeletehe he he ... pavu anee ... hondak krana gihin vechcha deyak ....
ReplyDelete