අපේ හිටියා පෙරේරා කියලා.
බුවා හෙන හොඳ එකා.
කොයි තරම් හිත හොඳද කියනවා නම්, මිනිහා අතහිත දෙන්නේම වයසක ඇන්ටිලාට.
මේ තත්වය කොයි තරම් දුර දිග ගියාද කියනවා නම් මිනිසා අවසානේ කසාද බැන්දෙත් බුවාගේ අම්මටත් වඩා අවුරුදු 10විතර වයස කෙනෙක්.
ඔන්න අපිත් මඟුලට ගියාය කියමුකෝ,
ඩාන්සින් ෆ්ලෝඑකේ කස්ටිය නටනවා..,
ඒ අස්සේ එකෙක් සිරා කෑල්ලක් දිහා බලාගෙන අත්පුඩි ගහනවා..,
මම හෙමීට කිට්ටු කලා බුවා ගාවට
සිරා කෑල්ලනේ බන් කවුද දන්නේ නෑනේ..?
ඌ මා දිහා ටිකක් වෙලා බලාගෙන ඉඳලා අත්පුඩි ගහන්න පටන් ගත්තා..,
ඒ අපේ අම්ම බන්..!
එතකොට මේ අපේ එකා බැඳලා ඉන්නේ..?
ආ ඒ අපේ ආච්චි..!
කොල්ලා හිනා වෙලා මා එක්කලා කිව්ව.
ලියා එව්වේ - ලිෂාන් පුවක්ඕවිට (http://lishwish.blogspot.com/)
Showing posts with label කසාදය. Show all posts
Showing posts with label කසාදය. Show all posts
Wednesday, February 8, 2012
Friday, February 4, 2011
ප්රේමයක් නිමා වූ සඳ..
මගෙ හොඳම යාලුව ගෝතමී, යාලු වෙලා හිටියෙ රොෂාන් එක්ක, ඒක රාමා සීතා වගෙ ප්රේම කතාවක්,
ඒ ලෙවල් කරද්දි මම ඕස්ට්රෙලියාවට ගියා, පස්සෙ යාලුවො ගැන මොනවත් ආරංචියක් නැති උනා,
ලංකාවට ආවම මම කලේ මුලිම්ම ගෝතමී ඉන්න තැන හොයපු එක,
පස්සෙ ඔන්න ආරංචියක් ආවා,
මම ගෙදර හොයාගෙන ගියා, ගෝතමී දොර ඇරියා,
ලියා එව්වේ - රවී වීරසිංහ
ඒ ලෙවල් කරද්දි මම ඕස්ට්රෙලියාවට ගියා, පස්සෙ යාලුවො ගැන මොනවත් ආරංචියක් නැති උනා,
ලංකාවට ආවම මම කලේ මුලිම්ම ගෝතමී ඉන්න තැන හොයපු එක,
පස්සෙ ඔන්න ආරංචියක් ආවා,
මම ගෙදර හොයාගෙන ගියා, ගෝතමී දොර ඇරියා,
"අජන්තා"එයා මාව බදාගෙන ඇඬුවා,
"මොකද ලමයෝ,උනේ"මම ඇගේ දෑසට එබිලා ඇහුවා
"ඔයා දන්නවනෙ රොෂානුයි මමයි කොච්චර ආදරෙන්ද හිටියෙ කියල? අපි දෙන්නම කැම්පස් ගිහිල්ල අවුට් වෙනකනුත් පුදුම සන්තෝසෙකින් හිටියා "
"ඉතිං?"මම ඇහුවා,
"ඊට පස්සෙ අපි දෙන්න බැන්දා,"මොනවද කියන්නෙ කියල හිතාගන්ඩ බැරිව, මම ඇඟේ කඳුලු පිරි දෑස දිහා බලං හිටියා,
ලියා එව්වේ - රවී වීරසිංහ
Thursday, January 20, 2011
ඇය වෙත සෙනෙහසින්..
දුටිමි නුඹ පළමු දින පාසල කරා යන මගක
රුසිරු රුව, කමල වත සුලාලිත පියවර තඹර
නුවන් නුව රද ගැටී සලිත විමි සිත් පවුර
නාදළුද පැරදවූ තොල් යුවල මතු කල සිරිය
දිනෙන් දින හිරි වැටී නුඹ සෙනෙහෙ සොයන සිත
ඔද වැටී සළිත විය නුඹේ සෙනෙහෙ දිනූ දින
හදට හද තුරුළු වී විහඟ යුවලක් ලෙසට
සොඳුරු පෙම් මාවතේ නිම් තෙරට ඉගිල ගිය
මගෙම සොඳුරිය වෙලා මසතු විය එදින
නිරතුරුවම රැදෙයි වී සිසිල් සෙවනැල්ල
නුඹ රුසිරු දිය කෙරූ ස්නේහෙ කිරි කඳුළු කැට
පොවමින්ද රකින සඳ මගේ දරු දැරියන් නිතින
නුඹ සුරත මට හිමිවු දිනය සමරන මෙදින
පතනෙමිය මගෙම වී මට ලැබෙනු මතු සසර..

Saturday, December 11, 2010
ටයි ගැටය
කෝ ලැහැත්තිද..?
අරෙහේ මනමාලි එනවලු.., අනේ මන්දා කෝ එන්න බලන්න අඩුපාඩු..,
චක්කේ.., මොකද්ද මේ ටයි ගැටේට කොරන් තියෙන්නේ..,
ඇයි මොකැයි අවුල...?
ඕක වැරදියි නෙව සුදු පුතේ..?
ඉන්න මං හදාගඤ්ඤංකෝ
මේ උඹේ ආලවට්ටං බලන්න වෙලාවක් නැහැ..,
මේ හාමිනේ එන්ට කියන්ට පියසේකර මහත්තයාට..,
මොකේ ඒ පාර සුමනේ..,
අනේ සේකර මහත්තෙයා තරහා නැතිව මේ කොල්ලගේ ටයිඑක හදන්ඩ..!
එන්න මේ ඇඳේ ඇලවෙන්ඩකෝ..!
ඈ..? ඒ මොකේ..,
ටයි එක දාන්ඩ වෙන මොකොටද..?
හා...,
හරි..! දැම් බලන්ඩකෝ කණ්නඩියෙන්..!
මේ මහත්තෙයාට බොහෝම පිං
මහත්තෙයා.. මේ.. පොඩි බඩ්ඩක්..?
ඔව්..., ඇයි..?
මාව ඇයි ඇඳේ ඇලකොරවලා ටයිඑක දැම්මේ...?
හා.., ඒ මගේ රස්සවනේ පුතා...!
මම කරන්නේ ජයරත්නේ මිනී වලට ඇඳුම් අන්දවන එක...!
ලියා එව්වේ - ලිෂාන් පුවක්ඕවිට (http://lishwish.blogspot.com)

Sunday, November 28, 2010
මම දැනගෙන හිටියා ඔයා බොරුකාරයෙක් කියලා
කෝ ඔයා උණ බට,උක් ගස් ගොඩාක් ගේනවා කිවුව නේද...?
අනේ රත්තරන්... අමතක උනා...
ඔයාට.... මං මග බලන් ඉන්නවා කියලා....?
දෙවියනේ..... ඔයා ඇරෙන්න හැමදෙයක්ම අමතක උනා
මට මුකුත්ම නැතිවට කමක් නෑ...
පොඩ්ඩක්වත් දුක හිතුනේ නැද්ද?
ඔයා ආවා මට ඒ ඇති...
ඔයා දන්නවනේ පැන්ඩෝ..... මං ඔයාට ජීවිතේට එක බොරුවක් කියලා නෑ
අපෝ.... මං නොදන්නා ඔයා... ඔයා කට ඇරියොත් කියන්නෙම බොරුමයි
ආදරේටනේ..... එහෙනම් දුවල ගිහින් බලන්න මං ඔයාට ගෙනාවේ මොනවද කියලා
පිස්සා.... මං දැනගෙන හිටිය ඔයා මහා බොරුකාරයෙක් කියලා.....
මං හැම තිස්සෙම හිතනවා කියලා..... දැන් වත් තේරුනාද?
[දෙයියනේ.... එකනේ කොච්චර අඩුපාඩු තිබ්බත් යන්න හිතනකොට මගේ හිත ගැස්සෙන්නේ.... මං නැති උනොත් මේ පිස්සා මැරෙයි...]
ලියා එව්වේ - මහේෂ් හශාන්ත සිල්වා. (http://asipiyakamahima.blogspot.com/)

Friday, November 12, 2010
පූර්ව ජන්මයේ අපූර්වය සොයා ගැනීම
ගොඩාක් කාලෙකට ඉස්සර.
මම ඒ රටේ නායකයා.
මට විරුද්දව ලියන්නෝ ඔක්කෝම මැරෙව්වා.
මගේ නගරේ ලියන්නෝ බිහිවෙන්න දුන්නේම නෑ.
හොයල හොයල අන්තිමට උත්තරේ හම්බුනා.
සුනේත්රාගේ පූර්ව ජන්ම අපූර්වයේයි කර්ම අත්පොතේයි තමයි තිබුනේ.
මුලින්ම නමය වසරෙදි.
නවකතාවක්.
පෙම් කතාවක්.
අහුවුනේ නංගීට.
නෝන්ඩි කෝටියයි.
ලිවීම නැවැත්තුවා.
දෙවෙනියට එකොළහ වසරින් පස්සේ.
නිසඳැස්, කෙටි කතා.
අහුවුනේ යාලුවන්ට.
චා මැක්ස් කලා.
කින්ඩි පිට කින්ඩි.
ලිවීම නැවැත්තුවා.
ඊලඟට ඔෆිස් එකේදි.
ඒත් පොඩි කතා.
ඒකත් යාලුවන්ට.
ආයේ පාරක් නැවැත්තුවා.
අන්තිමට බ්ලොග් එක.
අන්වර්ත නමකින්.
ෆිට්ම උන්ට කිව්වා.
පස්සේ මම්ම කිව්වා.
බොක්කෙන්ම ලිව්වා.
හිතේ හිරවෙලා තිබුනු ඒවා එලියට ගියාම පුදුම සනීපයක්.
මේ පාර නෝන්ඩි සමඟ වලි.
මම ලිවීම නැවැත්තුවා.
ලියා එව්වේ - දුකා (http://dukaa.blogspot.com/)

Tuesday, October 26, 2010
කශාධය
අම්මයි තාත්තයි මාව වැළඳගෙන මට සමු දුන්නෙ ඇස්වල කඳුළු පුරවගෙන. එයාල ජීවිත කාලයක් උස් මහත් කරපු මම අද එයාලගෙන් සමු ගන්නව මමවත් නොදන්න මගේම ලෝකෙකට.
...
අපි ඉක්මනින්ම දරු පැටියෙක් හදමු කියන මතේ හිටපු එයාට විරුද්ධ වෙන්න මට ඕන වුණේ නෑ... එයා මොනවගේ මිනිහෙක්ද කියලවත් දැනගන්න කලින් මම අම්ම කෙනෙක් වෙන්න සුදුසුකම් ලබල.
...
කඳුළු පිරුණ ඇසුයි කම්මුලේ රතු වුණ පැල්ලමයි එක්ක කණ්නාඩියෙන් මාවම දැකල මාස කීපයකට මම වෙනස් වෙලා තියෙන විධිය අදහගන්න බැරි වුණා මට.
දරුවෙක් ලැබෙන්න නොහිටිය නම් මට දමල ගහල යන්න තිබුණ. දරුව ඉපදුණාම තත්ත්වෙ වෙනස් වුණොත් මිස මම ජීවිත කාලෙම මේ මිනිහත් එක්ක පවුල් කන්නෙ කොහොමද...?
ලියා එව්වේ - h (http://living.hartstuff.com/)

Labels:
hare :-),
කසාදය,
ගෘහස්ථ ප්රචණ්ඩත්වය,
පවුල,
මාතෘත්වය
Tuesday, October 19, 2010
අපේ කැදැල්ල..
එකදිගට වැටුණු පුංචි පුංචි මල් වැසි නිසාවෙන් මළානික වෙලා තිබුනු දෙවල් වලට පණ ඇවිල්ලා...වස්සනය උදා උණා............!!!
වස්සනේ තරමක් දරුණු වෙනකොට වැව්තාල්ලටම හිමීට වතුර දානකොට වාන් දොරටු ක්රමක් ක්රමයෙන් විව්ර්ත කළා...
එය දරාගත නොහැකිව මැලි උණු නුඹේ මූණ මොහොතකින් අතුරුදන් උනා.......
වාන් දොරටු හැර තැබුවේ අපි වෙනුවෙන් වඟ දැනගත්ත නුඹේ සතුට නිම් හිම් නැතිව ගියා..........
මං බලන් හිටියේ ඒ සතුට....
නිතර මා ළඟ සැරි සරන්නට නුඹ හුරු උනේ ඉබේටම.....
මට මගේ වී ඉන්න, සංසාරේ පතා ආ ලෙස නුඹත් එක්කම පියවර මනින්නට මට හැකි උනේ වස්සානය නිසාවෙනි පුංචි මල් පෙති හිමින් හිමින් පීදුනා.
අපි දෙමව්පියන් කරලා වැව පිටාර ගැලුවා…
වස්සනය එහෙමයී..............!!!
ලියා එව්වේ - අහිංසකී (http://www.ahinsaki.blogspot.com/)

Thursday, October 7, 2010
ජීවිතය අන්තැනක
ජීවිතේ දියාරු වෙන්න අරන්...
ඒක ඝණ වෙලා තියෙන්නෙ ඇත්තටම හරිම පොඩි වෙලාවයි. අදාල කාරණේ අනුව ජීවිතේ ඝණව දැණන කාලය දිග වෙන්න පුළුවන් වුණාට අන්තිමේ කොහොමත් දියාරු වෙලා නතර වෙනව.
ජීවිතේට ඕන කරන්නෙ අරමුණක්. ඇත්තටම සෑහෙන්න ඉස්සර මට තිබුණෙ ඔයාව මගේ කරගැනීමේ අරමුණ. ඒකෙන් පස්සෙ වෙන මිනිස්සු වගේ සාමයෙන් සතුටෙන් ඉන්නවය කියන එක අමුතු අරමුණක් වුණේ නෑ. ඇත්තටම ඊට පස්සෙ අරමුණක් තිබුණෙම නෑ මට.
අනිත් මිනිස්සුන්ට අරමුණු ගැන හොයන්න වෙලාවක් නෑ. එයාල එයාලගෙ අරමුණ තමන්ගෙ දරුවන්ගෙ මත දාල.
අපිත් දරුවෙක් හැදුවනම්...
දැන් මගේ අරමුණ ආයෙත් බෝතලයක්...
ඔයාගෙ අරමුණ මොකක්ද කියලවත් මට නොතේරෙන්න තරම් අපි දුරස් වෙලා...
අපි හිතුවද මෙහෙම වෙයි කියලා?

Tuesday, September 21, 2010
ආත්මයක වියෝ ගීය..
“වෙඩින් කාර් එක යනවා”.....ජිල් බෝල වගේ ඇස් දෙකෙන් කඳුළු බින්ඳු කඩන් වැටුනා..
පාරට වෙලා මෙච්චර බලන් හිටියේ මම ඔය කෙහෙල්මල් කාර් එක එනකන් තමා..
දැං ඉතින් ආපු වාහන ඔක්කොම ආයෙමත් යනකන් බලන් ඉන්න ඕනේනෙ...
"ඔයා අඩනවද?"මගෙන්ම අහල මටම උත්තරත් දී ගත්තා..
"නෑ මට දුකයි"
වාහන ටික පල්ලෙහා පාරෙන් ඇදිලා ගියේ හුගාක් දවල්…..
එතකන් උන්නු මම හිමි හිමින් හිතට හයිය අරන්
මඟුල් ගේ පැත්තට ගියා.. මට මතක් උනේ "අම්මා"
උදේ ඉදන් හිතේ තද කරගේන හිටපු දුක දෙදරලා ගියේ ආත්තම්මා හැමොම පෙරළගෙන දුවාවිත් මාව බදාගෙන අඩන්න ගත්තාමයි.
මඟුල් ගේම මළ ගෙයක් වගේ වෙලා.
"පුතේ"මගේ සුබ පැතුම් “අප්පච්චී ඔයාලට”
ලියා එව්වේ - අහිංසකී (http://ahinsaki.blogspot.com/)
Thursday, September 9, 2010
ප්රමාදය
ඔරලෝසුව වැඩනැති නිසා මගට යනකොටත් පරක්කුද මන්දා..?
හිතේ තිබ්බ වේගේ එක්ක කකුල් දෙක පොඩිත්තක් සමපාත වෙන්න තිබ්බ ගැහැට බව නිසාම කකුල් ඇවිද්දේ පරක්කුවෙන් ...
හරියට "වැඩක් නෑ.., දැං කොච්චර හයියෙන් දිව්වත් උඹ පරක්කුයි කියන්න වගේ"
"කසුන් මට ඔයාව නොලැබුණත් මේ කරුම කසාදේ කරන දවසට පල්ලිය ගාවට ඇවිත් මට පේන්නවත් ඉන්න"
එයා බෙල්ලේ එල්ලිලා තිබ්බ රත්තරන් සුරුවම මගේ අතට දීලා කිව්වේ එහෙම..,
ඒ මීට සතියකට උඩදී..,
"මහත්තයා පල්ලිය හංදිය ගාව නේ බහිනවා කීවේ.., ඉස්සරහිං බහින්න"
නවත්තපු බස් එකෙන් බැහැපු මම පල්ලියට යනකොටත් ඈත යන වාහන පේලියට මංගල්ලෙට ආපු අමුත්තෝ තාම අත වනනවා.
මම යන්න හැරුණා..!
"ෂහ්...ලස්සන කපල් එක..!!"
කවුදෝ කියනවා ඇහුනා
ලියා එව්වේ - ලිෂාන් (http://lishwish.blogspot.com/)

Subscribe to:
Posts (Atom)