තවත් එක දවසක්.. ඒත් අද මට ඒ මුහුණ දකින්න බැරි උනොත් ආයි සති ගානකට බලන්න වෙන්නේ නැහැ.. සුපුරුදු විදියට බස් නැවතුමට පල්ලම් බහිද්දි ඈතින් පෙණුනේ ඇයව.. මම දකින්න ආසම කරන ඒ සුන්දර මුහුණ... මාස ගනනක් කියා ගන්න බැරිව හිතේ තෙරපෙන හැඟුම් සමුදාය එක පාරට හිතට එබිකම් කලා වගේ මම ඒ මුහුණ දිහා බලාගෙන පාර පැන්නා..
චරා...ස්...
මගේ කණ ලඟින් ඇහුණු බ්රේක් සද්දෙට ගැස්සිලා මම වටපිට බැලුවා කාර් එකේ රියැදුරා කිසි දෙයක් හිතා ගන්න බැරිව මා දිහාම බලා ඉදැද්දි.. පිටිපස්සෙන් ආපු බයිසිකලේ තරුණයා සෙනඟ මැද මටයි කාර් රියැදුරාටයි බැනවැදුනා. ආපහු පාරේ අනිත් පැත්තට ඇවිත් බලද්දි ඇය ලේන්සුවෙන් මුහුණ වහගෙන හොරෙන් හිනාවෙනවා.
ලියා එව්වේ - සුදු හංසී (http://kaveej.blogspot.com/)
මෙය සත්‍ය සිදුවීමකි... ස්තූතියි 100ට
ReplyDeleteමූණ වහන් හිනා වෙච්ච කෙනා කව්ද කියල හිතා ගන්න පුලුවන් එහෙනම්..
ReplyDeleteහිහි...චරිත දෙක මාරු වෙලා වගේ නේද : )
ReplyDeleteමොළේ හොඳ නැති ගෑණියෙක්ව බලන්න ගිය මොළේ හොඳ නැති පිරිමියෙක් ගැනද මේ කතාව? :D ;-)
ReplyDeleteහොඳ නැති වෙන්නවත් මොළේ කළඳක් නැති මට හිතෙන්නෙ එහෙමයි ;-)
ඇති ඔයින් ගියා....
ReplyDelete@තාරක. මේ කියන කෙනා මෙතන නැති කෙනෙක්. කතාවට හෝ කමෙන්ට් වලට සම්බන්ධ නැති කෙනෙක්.
මදෑ කොලා...
ReplyDelete