“අද සරුයි අම්මේ. රු.6000ට රු.120යි අඩු. හෙට නිදහස් දවස නිසා බස්වල යන මිනිස්සු පිං දිදි ගත්තේ ජාතික කොඩි ටික, ළමයින්ට ඉස්කෝලේ ගෙනියන්ට එහෙම එපැයි”
අම්මා ගෙවල්කුළි ගෙවන්ට. මෙන්න උදේ අම්මාගේ අතින් ගත්ත රු.200ත්” සියලු මුදල් අම්මා අත තැබීමි. නිදහස් දිනයත් සතිඅන්තයත් එකටම ආ නිසා ඒ දින තුනේ වැඩි ඉපයීමක් නොවුනි.
“මේන් පුතේ රු.200/-ක් 20 කොළ වලින්ම. උඹ කියන්නැහේ අතේ සල්ලි තියෙනවා දැක්හම මිනිස්සු උඹ අතේ තියෙන බඩුවක් ගන්න උනන්දුවෙනවා” අම්මා දුන් මුදල් සමඟ සඳුදා පාන්දරින් පිටත්වීමි.
“මල්ලි මොකද අද 7 වෙනිදා ජාතික කොඩි උස්සගෙන ආවේ. යන්න යන්න ලබන අවුරුද්දේ එන්න” අම්මා අතට දුන් මුදලින් දවල්ට කා හිස් අතින්ම නිවසට ගොඩවීමි.
ලියා එව්වේ - රන්දිල් (http://ranrandil.blogspot.com/)