තවත් අලුත් පොත් ප්‍රදර්ශනයක් එනවා.
එදාට තවත් අලුත් පොත් ගොඩකුත් ඇවිත් තියේවි. මහා ජන ගඟක් ඒවි.
ඒ මහා පොත් කන්දරාවෙන් සමහරු ගන්නෙ කැමතිම එක පොතක් විතරක් වෙන්නත් පුළුවන්.
එහෙනම් ඒක ඔතනින්ම ගන්න ඕනිද? එහෙම අයත් ඇයි පොත් ප්‍රදර්ශනේට එන්නෙ?
නෑ එදාට ඒ බිමට පය තිබ්බත් මොකක්දෝ මිහිරක් හිත පුරා ගත පුරා දුවනවා. ඒකයි එන්නෙ.
ඉස්සරනම් එයත් මා එක්ක ගියා.
මේ සැරේ එයා එන්නෙ නැති වුණත් මං පොත් ප්‍රදර්ශනේට යනවා.
ඒත් ඒක වෙහෙසකර වෙයි. අව්වෙ සැර වැඩියෙන් දැනෙයි. සෙනගත් වැඩියි කියල හිතෙයි.
ගියාට පොත් ටිකක් අරන් ගිය පයින්ම මං තෝන්තුවාවෙන් ගෙදර එයි.
එහෙනම් ඇයි මං පොත් ප්‍රදර්ශනේට යන්නෙ?
බැරිවෙලාවත් එයා ආවොත්?
ලියා එව්වේ - සූ ටික්කී
Showing posts with label සූටික්කි. Show all posts
Showing posts with label සූටික්කි. Show all posts
Saturday, October 1, 2011
Monday, September 12, 2011
ඔයානම් මහ දුෂ්ටයෙක්!
හෙලෝ...
සුදූ...
ම්...
කියන්න...
මතක්වෙන්නැහැනෙ කියන්න දෙයක්.
මොනවහරි මතක්කරල කියන්න.
ඔයා අද බිව්වෙ නැද්ද?
ටිකක් බිව්වා.
කොච්චරක්ද?
ඒක ඔයාට වැඩක් නැහැ. වෙන දෙයක් අහන්න.
අනේ මට ඒක දැනගන්න ඕනි.
ම්හු. වෙන දෙයක් අහන්න.
ඉතිං ඔයාට බැරිද මට කියන්න කොච්චරක් බිව්වද කියල?
බෑ. මට ඔයාව කන්න හිතෙනවා. ඒත් මං හරක් මස් කන්නැහැ.
ඔයානම් මහ දුෂ්ටයෙක්.
ඒ මොකද?
දැන් ඒ මොකද කියලත් අහනවා.
කෝ කියන්න මොනවහරි.
මං අද කේක් එකක් හැදුවා ඒත් මැද්ද ටිකක් අමුයි වගේ.
ෂික් කේක් කන්න බෑ.
එහෙනම් වඩේ?
ම්... නියමයි.
මං දවසක හදල දෙන්නම්කො.
සුදූ...
ම්...
මට ඔයාව කන්න හිතෙනවා. ඒත් මං හරක් මස් කන්නැහැ.
ඔයානම් මහ දුෂ්ටයෙක්!
ලියා එව්වේ - සූටික්කී

Saturday, August 27, 2011
කොහොම කියන්නද
මට ඔයාට කියන්න දෙයක් තියනවා.
මේක ඔයාට නොකියම හිතේම තියන් ඉන්න ගොඩාක් උත්සාහ කළා.
ඒත් මට තවත් ඉන්න බෑ වගේ දැනෙනවා.
මං අද ඒක ඔයාට කියනවා.
ඒත් ඒක කිව්වම ඔයා මං ගැන මොන විදියට හිතයිද දන්නැහැ.
කෙල්ලෙක් කොල්ලෙක්ට මුලින්ම ආදරෙයි කියන එක අසාමාන්‍යයි වගේ දැනෙනවා තමයි.
ඒත් හැඟීම් තියෙන්නෙ පිරිමි අයට විතරක් නෙවෙයි කියල ඔයා විශ්වාස කරනව නේද?
ඔයාව නොදැකම මං ඔයාට ආදරය කරන්න අරන්.
මේක බලල මට හිනා වෙන්නවත් මගෙන් ඈත් වෙන්නවත් එපා.
මං මෙහෙම දෙයක් කිව්වෙ නෑ වගේ මාත් එක්ක සුපුරුදු විදියටම කතාකරන්න.
මට ඕනි වුණේ ඔයාට මං ආදරය කරනව කියල කියන්න විතරයි.
මට ඔයා ආදරය කළත් නැතත්.

Subscribe to:
Posts (Atom)