කුසේ ගෑස් අදත් ඇයට කරදර කරන්න අරන්...
උදේ දරුණුවට තිබුණෙ නෑ. කවුද හිතුවෙ කාර්යාලෙට ආපු ගමන් මේ තරම් වැඩි වෙයි කියලා...
සමාලි කුසට අත් දෙක තද කරන් මේසෙ ඔළුව තියාගත්තෙ ඉවසන්න බැරිකමට...
...............................
තර්ක විතර්ක ගැරහීම් ගොඩකට පස්සෙ සමාලිට කැඳවීමක් ලැබුණා.
“ජාතික ගීය වැයෙද්දි නිදාගෙන හිටපු එක බරපතල වරදක්”
අධ්‍යක්ෂතුමා කණ්නාඩිය ගලවලා පිහිදන ගමන් සමාලි දිහා බැලුවෙ රවාගෙන...
“වසම වැරැද්ද මේක ටීවී එකේ පෙන්නපු එක... දැන් අමාත්‍යංශෙ ලේකම්තුමා මගේ ඔළුව කන්න යනවා...”
“මෙඩිකල් එකක් අරන් එන්න එදා අසනීපෙන් හිටිය කියල... එහෙමවත් බේරෙන්න බලමු...”
ලියා එව්වේ - h (http://living.hartstuff.com/)