සමහරක් දවස්වලට අපි පැයක් දෙකක් කියවනව. සමහර දවස්වලට විනාඩි පහක් කියවන්න තරංවත් දේවල් අපට නෑ.
"අපි දෙන්නගෙ ලෝකය පුංචි වෙලා..."
ඔයාගෙන් මැසිවිල්ලක්...
"නෑ... අපේ ලෝකෙ ස්ථායී නෑ... ඒක ලොකු වෙනව. ආයෙ පොඩි වෙනව...."
මම හිත නොරිදවගෙන සංවාදය පවත්වගන්න හේතු ගේනව...
"කවදහරි නැතිම වෙලා යයිද?"
"නැතිම වෙලා ගියත් ආයෙ ඇති වෙයි..."
"නැති වුණොත්?"
"ආයෙ ඇති වෙනකල් ඉමු."
"හ්ම්..."
අපේ ලෝකයට භූ කම්පන එන්න වගේ තියෙනකොට මම හැම වෙලේම දාර්ශණික කතාවක් දාල ඒක මගඇරියා.
ඒත් හැමදාම ඒක කරගෙන යන්න මට බැරි වුණා.
අන්තිමේ මට උදව්වට ආවෙ හදවතක්...
“ඔයා දන්නවද? අපි ඉන්නෙ එකම හදවතක් ඇතුලෙ.... දන්නවනෙ හදවත හැකිලෙන දිගඇරෙන ස්ථායී නැති වස්තුවක් කියල.”
ලියා එව්වේ - hare :-) (http://living.hartstuff.com/)
යන්තම් ජාමෙ බේර ගත්ත නේද
ReplyDeleteඇත්ත. අපේ හදවත අස්ථායි..
ReplyDeleteනැත්නම් අපි මේ තරම් පිස්සු කෙලී යැ.
යන්තම් ජාම ගොඩගත්ත තමයි!
ReplyDeleteඅස්ථායී විම හොඳයි නේද ස්ථායි වෙනවට වඩා... නැත්තං ජීවිතේ හෙන බෝරිං වෙයි නේ :D
ලෝකය ෆුට් බෝලයක් වැනිය....
ReplyDeleteඔය තියෙන්නෙ උත්තර ;-)
ReplyDelete