Showing posts with label මිතුදම. Show all posts
Showing posts with label මිතුදම. Show all posts

Saturday, October 16, 2010

දෙගිඩියාව....

තරු පායන අහස් කුසේ...
ඈත පෙනෙන වලාකුලට....
මුවාවෙච්ච සද කිරනින්...
නුඹේ මුහුන එහි මවාවි....

වලකුලේ ඇදෙන එරුව....
මගේ කියා මම හිතුවට....
එය එලෙසම සිදුවෙවිද...
කියා කියන්නේ කෙලෙසද?

නුඹත් අරන් කොහේට හෝ...
ඉගිලිලා ගොස් කූඩු වෙන්න...
පැතුමක් තිබුනත් සිත යට...
නුඹ අකමැති වේවි නේද?

ඕන කෙහෙල්මලක් කියා....
ඔබ මට කැමතිද කියාලා...
අහලා දාන්නත් හිතෙනවා..
ඉන්පසු මට මක් වේවිද?

හා කිව්වොත් සිත් අහසේ...
දහස් ගනන් මල් පිපේවි...
කරුමෙටවත් බෑ කිව්වොත්...
දිවියත් මට තිත්ත වේවි..

ආදරෙ පැත්තකින් තියා....
ඇති මිතුදම හොදින් තියන්....
මම ඉන්නවා හැමදාමත්....
නුඹව බලා සිනා සෙමින්....

මගෙ ආදර තාරකාව....
හෙට දින අන්සතු වේවිද?
ඕන කෙහෙල්මලක් කියා....
එහෙනම් මම හෙට අහනවා.....

ලියා එව්වේ - අභීත (http://tikakhinawenna.blogspot.com)

Related Posts Plugin for WordPress, Blogger...