එදා මහ මූසල දවසක්. මන්දාරම් අඳුර කපාගෙන හිරිපොදත් වැටෙන්න අරගෙනයි තිබුනෙ. ඒ ගොම්මනේම 'ගේට්ටුව වහල එන්නම්' කියල එලියට බැස්ස අම්මා එනකම් බලාන උන්න මට නිකමට වගේ අප්පච්චි දිහා බැලුන.
අප්පච්චිගෙ මූණෙ තිබ්බ හැඟීම මේකයි කියල හරියටම කියන්න බැරිවුණත් මම කවුද කියලා හිතාගන්නත් බැරිවිදිහට උන්ගේ ශක්තිය හීන වෙලා කියල මට දැනුන.
"...මයෙ ජීවිතේට උඹවහන්සේලාගෙන් මුකුත්ම ඉල්ලල නැහැ කියල උඹවහන්සේල දන්නවා..... එකම එක වතාවක් මං කියන දේ අහල මට මගේ පවුලෙ සතුට ආයිමත් දෙන්න... මං කාටවත් දුකක් දෙන්නෙ නැතුව ඉන්නම්... උඹවහන්සේලා කියන ඕනම දෙයක් කරන්නම්... අනේ මට මගේ අප්පච්චිව ඕනේ..." මම දෙවියන් යැද්දා.
එදා රෑ එකකුත් ගානට අප්පච්චි නැතිවුණා. වැස්ස විතරක් නැවතුනා.
ලියා එව්වේ - Dilan Dhananjaya (http://dilandadevil-poems.blogspot.com/ )