Monday, July 17, 2017

මුහුදත් ගැහැණිය බඳුය.විටෙක නිශ්චලය.එවිට සුමුදු මුහුදු පෘෂ්ටය කන්නාඩියක් මෙන් දිසිලේ.විටෙක චණ්ඩය.එවිට නෞකාව වුවද එය තරණය කිරීමට නිර්භීත නොවේ. විටක වෙරල ඉක්මවා ගොඩබිම ආක්‍රමණය කරයි. වැඩි කලබලයක් නැතිව හඬ නංවමින් සිටි.

බැම්මේ ඉහලින් වාඩිවී මා සිටි අතර ඇය මට පියවරක් පහලින් තිබු බැම්මේ වාඩිවී සිටියාය.මගේ දෑත් ඇය සිර නොවී, මිදෙන්නට නොහැකි මෙන්ම අපහසුවක් නොවන පරිදි වෙලී තිබුණි.ඇය හිස මාගේ දකුණු බාහුවේ තබා,මදක් දකුණු පැත්තකට ඇල කර මහා සැනසුමකින් සුළං හඬ අසමින් අඩසඳ පායා තිබූ රාත්‍රියේ පෙනෙන නොපෙනන රල බිඳුම බලා සිටියාය.

මම ඇයට හොරා හෝරා ගණනක් ඇය දෙස බලා සිටියෙමි.
ඇය එක්වරම හිස ඔසවා මා දෙස බැලුවාය.
මම මුහුද දෙස බැලීමි.

ලියා එව්වේ - ප්‍රභාත් විතානගේ |  saimaas.blogspot.com

Related Posts Plugin for WordPress, Blogger...